Tuesday, December 28, 2010

Windows Vista හෝ 7 OS එක English නොවේද? English වලට හරවා ගනිමු.

               ඉතින් යාලුවනේ මේක මගේ පලවෙනි blog එකයි. පිට රටවල ඉන්න අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ රටවල් වලින් ගන්න computers වල OS එක ඒ රටේ භාෂාවෙන් තිබීම. Ultimate වගේ version එකක් ගොඩක් භාෂා සපෝර්ට් කෙරුවත් Home Basic, Premium වගේ ඒවායේ එසේ කල නොහැකියි. ඉතින් මම කියන්න යන්නේ ඕන එකක් language එක වෙනස් කරගෙන පාවිච්චි කරන්න පොඩි software එකක්. Vistalizator කියන ඒකෙන් මේ වැඩේ කරගන්න පුළුවනි. හැබැයි එකක්, 100%ක්ම නම් බැහැ. එත් අපට වැඩක් කරගන්න හැකි පමණට හදා ගන්න පුළුවනි. මුලින්ම  Microsoft Language Pack එක (English හෝ ඔබට අවශ්‍යය) download කර ගන්න. ඊට පසුව Vistalizator එක install කර ගන්න. එසේ කරගත්තයින් පසුව Vistalizator එක open කරලා පහත විදියට කරගෙන යන්න. (මේවා Vistalizator site ඒකෙන් මම ගත්තේ.)

Vistalizator - Download
Language Pack - Download (මෙහිදී ඔබගේ OS එකට අදාල Language pack එක download කරන්න වග බලාගන්න.)



Installing new language step by step

1. Vistalizator run කරන්න. UAC එක Allow කරන්න ඇහුවොත්.

screenshot1

2. Add languages බොත්තම Click කරලා download කරගත්ත language pack එක තියෙන තැන locate කර open කරන්න.

screenshot2

3. Language pack එක load වෙලා අවසාන වන තුරු පොඩ්ඩක් ඉන්න.

screenshot3

4. ඉන් පසු  Install language(s) බොත්තම click කරන්න.

screenshot4

5. Install වනතුරු ඉන්න. Express or Internal mode

screenshot5

screenshot6

6. ඉන්පසු ඔබෙන් අහයි අලුතින් දාපු language එකට මාරු වෙන්නද කියල. කැමතිනම් Yes ඔබන්න. පසුවත් මාරු වෙන්න පුළුවනි.

screenshot7

7. පහල ඇති පරිදි ඔබෙන් ඇසුවොත් OK කරන්න. එසේ නොඇසුවොත්, 11 වෙනි Step එකට යන්න. 
(Express languages usually need to be updated after the very installation (steps 7-10).)

screenshot8

8. ඉන් පසුව Update languages බොත්තම click කරන්න. එවිට පෙන්නාවි පහත පරිදි, Windows Update Agent අවශ්‍යයි කියල. එය download කරගන්න මෙතනින්.  Press Update languages: the list of necessary updates is shown, see details in Help.

screenshot9

9. Download කරගෙන එයත් Vistalizator එක තුලින්ම update කරගන්න.( Download and open the required Windows update standalone installer within Vistalizator.)

screenshot10

screenshot11

10. විනාඩි කිහිපයකින් සියල්ල OK වේවි. (All necessary Express languages will be updated within a few seconds.)

screenshot12

11.Program ඒකෙන් Exit වෙලා computer එක restart කරන්න. Wow, අලුත් language එකෙන් ඔයාලට වැඩ කරන්න පුළුවනි. (Exit program to restart the system for the changes to take effect (new display language).)

screenshot13


     ඉතින් ඔයාලට මේකේ නොතේරෙන තැනක් තියෙනවනම්, මගෙන් අහන්න. මම උදව් කරන්නම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ආයෙත් අලුත් blog  එකකින් හමුවෙමු.