

ඔබ DSLR කැමරා පාවිච්චි කරන්නෙක් නම්, මේ කියන gadget එක කොච්චර ඔබට වටිනවද කියල තේරේවි. මේක Remote Code කියන corded remote control එකයි. මේක එච්චරම වටින්නේ ඇයි කියල කියනවනම්, විශේෂයෙන් telephoto lenses පාවිච්චි කරන අවස්ථා වලදීත්, Macro පින්තුර ගන්න අවස්ථා වලදීත් සහ Long exposure පින්තුර ගනිත්දිත් camera shake හෙවත් කැමරාව relese බොත්තම ඔබද්දී සෙලවීම නිසා ගන්න පින්තුරය පැහැදිලි නොවී බොඳ වීමයි. එතකොට කියයි එහෙනම් VR lens(Variable reduction) එකක් පාවිච්චි කලානම් හරිනේ කියලා. මගේ පෞද්ගලික මතය නම්, VR කියන එක business ප්‍රෝඩාවක් දෝ කියලත් හිතෙනවා. සල්ලි ඇතත්, නැතත් මම VR නම් ගන්නේ නැහැ. එක මට තේරුමක් නැහැ. ඕනෑම professional photographer කෙනෙක් කැමරාව tripod එක උඩ තිබ්බම VR එක off කරනවා. technically උවද off කල යුතුයි. ඉතින් මොකටද VR නේද. ඉතින් camera shake එක වලක්වා ගන්න මේ corded remote controller eka හරිම වටිනවා. කැමරාව tripod එකක හෝ stable ස්ථානයක තබා, මෙම remote controller එකේ තියෙන බොත්තම ඔබද්දී, auto focusing ද සිදුවී පින්තුරය ගත හැක. DSLR කැමරා පාවිච්චි කරන්නෙකු ළඟ මෙය අත්‍යවශ්‍ය දෙයක් කියා මම හිතනවා. ඉහත රුපයේ පෙන්වා ඇත්තේ Kenko වර්ගයේ D90, D5000 කැමරා සඳහා වන remote controller එකයි. දැනට තිබෙන ඕනෑම කැමරා වර්ගයකටම Kenko සමාගම මෙම remote controller එක නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් රුපියල් වලින් 2,000 සිට ඉහලට කැමරා වර්ගය අනුව වෙනස් වෙනවා. ඉතින් මේක ගන්න වටිනා එකක් නෙවේද? හිතල බලන්න.
යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.