එක්ස්පෝෂර් එක සම්බන්ධ සහ කැමරාවෙ තියෙන වැඩි දෙනෙක් භාවිතා නොකරන ඉතා ප්‍රයෝජනවත් tool එකක් හිස්ටග්‍රම්(histogram) එක. මෙය නිවැරදිව exposure එකක් කැමරාවට ලබාදීමට උපකාරී වෙනවා. මෙය නිවැරදිව ඉගෙන ගත්තොත් හැම වෙලාවකම ඔබ පාවිච්චි කරයි!
ස්තුතියි.
එක්ස්පෝෂර් එක සම්බන්ධ සහ කැමරාවෙ තියෙන වැඩි දෙනෙක් භාවිතා නොකරන ඉතා ප්‍රයෝජනවත් tool එකක් හිස්ටග්‍රම්(histogram) එක. මෙය නිවැරදිව exposure එකක් කැමරාවට ලබාදීමට උපකාරී වෙනවා. මෙය නිවැරදිව ඉගෙන ගත්තොත් හැම වෙලාවකම ඔබ පාවිච්චි කරයි!
ස්තුතියි.
ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්ණයක් කැමරා මොඩල් කිහිපයක් කියල ඒවයින් කොයි එකද හොඳ කියල. Camera comparision කරන්න හොඳ වෙබ් පිටුවක් තිබෙනවා. ඒ ගැන කියන්නයි මේ පෝස්ට් එක ලියන්නේ. වෙබ් පිටුව තමයි “snapsort.com”. point and shoot කැමරාවල සිට professional කැමරා දක්වා ලොකු database එකක් තිබෙනවා. පහත පිංතූරවල පරිදි අවශ්‍ය මොඩල යොදා සංසන්ධනය කරගන්න පුලුවනි. ලොකු විස්තරයක් ලැබෙන නිසා වෙනත් සංසන්ධනයක් අවශ්‍ය නැති තරම්. එකවිට කැමරා දෙකක් පමණයි සැසඳිය හැක්කේ.
පිටුවට යන්න මෙතන ක්ලික් කරන්න.
හැමෝම සමඟ මෙම තොරතුරු බෙදාගන්න.
ස්තුතියි.
මීටරින් කියන්නෙත් එක්ස්පෝෂර් එක හා සම්බන්ධ කොටසක් නිසා මෙම එපිසෝඩ් එකත් එක්ස්පෝෂර් එකේම දිගුවක් විධියට කරන්න හිතුවා. metering එකත් ඔබ ඩිජිටල් ඡායාරූපකරණය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්නම් අනිවාර්‍යයෙන්ම දැනගෙන සිටිය යුතුයි. මෙම එපිසෝඩ් එකෙන් metering ගැන දැනුමක් ඔබට ලබාගැනීමට හැකි වේවි. ඔබේ කොමෙන්ට්ස් අදහස් යෝජනා මෙම බ්ලොගය දිගටම කරගෙන යෑමට මට ලොකු ධෛර්‍යයක්.
ස්තුතියි.
ඡායාරූපකරණයේදී අත්‍යවශ්‍යයෙන්ම සෑම දෙනාම දැනගත යුතු මාතෘකාවක් වන exposure හෙවත් සෙන්සරය මතට වැටෙන ආලෝකය ගැන මෙම එපිසෝඩ් එකෙන් කතා කරනවා. මෙය සෑම කැමරාවකටම පොදු දෙයක් වේ.
ඔබේ අදහස්, යෝජනා මත ඉදිරියටත් කරන්න දෛර්‍යය ලැබෙන බව අමතක කරන්න එපා.
ස්තුතියි.
කමරාවේ firware update කරගත්තෙ නැතිනම් මේ වීඩියෝවෙන් ඔබටම කරගත හැකි විදිය මම විස්තර කරනවා. Nikon සහ Canon firmware සයිට් වලට යොමු පහතින් ඇති නිසා පහසුවෙන් ඔබට බාගත හැකි වේවි. Facebook පිටුවටත් Like එකක් දාන්න සහ ඔබගේ ප්‍රශ්න එතනදී කතා කරමු.
Nikon Firmware Update
Canon Firmware Update
ඔබගේ කොමෙන්ට්ස් මට ලොකු ධයිර්‍යයක්. කැමැත්ත අකමැත්ත ගැන දැනගන්න කැමතියි. ස්තුතියි.
ගන්නා පින්තූර උපරිම පැහැදිළිව ගන්න.
Lens Calibration කියන්නේ ඡායාරුපකරණය කරන සෑම කෙනෙක්ම දැනගත යුතුම සහ කරගත යුතුම දෙයක්.ඉතා සරලව කොහොමද එය කරගන්නේ කියල මේ එපිසෝඩ් එකෙන් මම පැහැදිලි කළා. අනෙකුත් කැමරා මොඩල වලත් මේ calibration එක කරගන්න හැටි ඒ අදාළ මොඩලවල manual කියවා සොයා ගන්න පුළුවනි. මේ ගැන අදහස් ප්‍රශ්න ඇතොත් කොමෙන්ටුවකින් අහන්න. ඔයගොල්ලත් ලෙන්ස් එක calibrate කරගෙන ලැබුණු ප්‍රතිපල කොහොමද කියල කොමෙන්ටුවකින් දාන්න පුලුවනිනම් මෙය බලන අනිත් අයටත් උදව්වක් වේවි. ස්තුතියි.
මේ දවස්වල කියෝතෝවේ අරශියමා කියන ප්‍රදේශයේ රාත්‍රියට ආලෝකමත් කරලා ගොඩක් ලස්සනයි. මමත් සුපුරුදු පරිදි බදු ටිකත් අරගෙන පැද්දා බයිසිකලේ. D7000 කැමරාවේ ISO handling ගැන මම ගොඩක් සෑහීමකට පත් වෙනවා. මේ වගේ රාත්‍රී පින්තුර ගන්නකොට ISO එන්නේ හරියට දෙවිකෙනෙක් වගේ. ගොඩක් දෙනෙක් කැමරා මිලදී ගන්නකොට අඩුවෙන්ම සලකන දෙයක් තමයි ISO. ඔයගොල්ලන්ටත් බලාගන්න එක්ක post එකක් දැම්මා. ස්තුතියි.
Gears used,
Nikon D7000, Tamron 17-50mm f2.8 VC, Sigma 70-200 f2.8 OS