Thursday, June 30, 2011

Photos–Suma Aqualife Park in Kobe

      ඊයේ කෝබේ වල තියෙන Aqualife Park එකට ගියා ExpoDisc එකත අරගෙන. මම හොඳටම සෑහීමකට පත්වෙනවා ExpoDisc ඒකෙන් දෙන සාර්ථක White Balance එකත් එක්ක. මෙන්න ඒ පින්තුර කිහිපයක් ඔයාලටත් බලන්න. මේ පින්තුර කිසිදු ආකාරයකින් edit කරලා නැහැ. කැමරාවෙන් ගත් ආකාරයෙන්මයි.
මේ පින්තුර ගත් camera settings(EXIF) අවශ්‍යනම් Picasa තුල දකුණු පසට වන්නට ඇති "Full Detail Page" ලින්ක් එක click බලාගන්න පුළුවනි. settings දෙක තුනක් අතින් ලියල දානවට වඩා සියලුම settings බලාගත හැකි නිසා එය වඩා ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා. picasa වලට පහල ලින්ක් එකෙන් යන්න.
     Suma Aqualife Park in Kobe
      ඉහත ලින්ක් එකට ගොස් අවශ්‍ය පින්තුරය ක්ලික් කර දකුණු පස ඇති D90 කියන ලින්ක් එක click කල විට ගත හැකි සියලුම settings බලාගන්න පුළුවනි.

*මෙහි සිටින සර්පයා Giant Anaconda. වීදුරු කිහිපයක් හරහා ගන්න සිදු වූ නිසා ඉතා අපැහැදිලියි. එත් ඉතින් ඇනකොන්ඩා නිසා දැම්මා:D

All the pictures CopyRighted
Snubnose Pompano
bottleneck dolphins
Blacktip Reef Shark
eels










fish in Amazon



Seal

Penguins

Sea Otter
Jelly Fish

Turtles(special species)
Clownfish

Lionfish
Pink Anemonefish

Longhorn Cow Fish...


Giant Anaconda

ස්තුතියි.

Sunday, June 26, 2011

Photography Episode 07–ExpoDisc

ExpoDisc එක මොකක්ද? කොහොමද පාවිච්චි කරන්නේ?

අද මම තවත් එපිසෝඩ් එකක් කළා unboxing. මේක photography කරන අයට ඉතාමත්ම ප්‍රයෝජනවත් වටිනා උපකරණයක්. මෙයින් කරන්නේ නිවැරදි වර්ණ කැමරාවට ලබා දීමට සහ නිවැරදි exposure එක බලාගැනීමට උපකාරී කිරීමයි. එවිට ඔයගොල්ලන්ට photoshop වලට දාගෙන edit කර කර කාලය නාස්ති කරන්න ඕනි වෙන්නේ නැහැ. ඔබ නිතර පින්තුර ගන්න අයෙක්නම්, පින්තුර අරගෙන ඒවායේ color balance, white balance, re-exposure  වගේ දේවල් photo එකින් එක edit කරන එක මොනතරම් වදයක්ද? එනිසයි ExpoDisc හඳුන්වා දී තිබෙන්නේ. මෙහි මිල අධික නිසා බැලු බැල්මට එතරම් වටිනා එකක් නොවන සේ පෙනුනත්, මෙහි ප්‍රයෝජනය ඉතා ඉහලයි.
ExpoDisc ඒකෙන ගත් අලුත් පින්තුර කිහිපයක් ඉදිරියේදී මම දාන්නම්.

මෙහි මිල,

77mm ExpoDisc Rs. 21,000/= පමණ මුදලක් වෙනවා ජපානයේ.

A4 gray card දෙකක මිල Rs. 1,600/= මුදලක් වෙනවා.

ප්‍රශ්න ඇතොත් අහන්න. ඔබේ කොමෙන්ට් මට තවත් ඉදිරියට කරගෙන යන්න ධෛර්යයක්. ස්තුතියි.

Saturday, June 25, 2011

Photography-Episode 06

නිවැරදිව ලෙන්ස් එක පිරිසිදු කරගනිමු

ගොඩක් අය නිවැරදිව ලෙන්ස් එකක් පිරිසිදු කරගන්නේ කොහොමද කියල එපිසෝඩ් එකක් කරන්න කියල කරපු ඉල්ලීමට මෙම එපිසෝඩ් එක කළා. නිවාඩුවක් ලැබුණු නිසා එපිසෝඩ් එක කරන්න පුළුවන් උනා. ප්‍රශ්න ඇතොත් අහන්න. කොමෙන්ට්ස් මගින් ඔබ මාව තවත් ධෛර්යමත් කරනවා. ස්තුතියි.
නිවැරදිව ලෙන්ස් එක පිරිසිදු කරගනිමු.