අදත් මම කියන්නේ හොඳ ගැජට් එකක් ගැනයි. සමහරවිට ඔබ දන්නවා වෙන්නත් පුළුවනි. සාමාන්‍යයෙන් laptop පරිගණකයකින් අර සුපිරි කියන audio quality එකක් නැහැ. නමුත් මේ ගැජට් එක ඔබට තියෙනවානම් laptop නෙවේ, desktop එකකින් උනත් සුපිරිම sound quality එකක් ගන්න පුළුවනි. ඇත්තටම මේක මොනතරම් quality ද කියල අහල බලනතුරු ඔබ විශ්වාස කරන එකක් නැහැ. මේකේ තියෙන්නේ audio out එක සහ mic in ජැක් දෙකයි. mic in එකත් හරිම sensitive, ඉතා කුඩා ශබ්ද උනත් හොඳින් ඇදලා ගන්න පුළුවනි. plug and play විදියට වැඩ කරන්නත් පුළුවනි software එක install කරන්නේ නැතිව.
හැබැයි නියම sound experience එක ගන්න නම් software එක අවශ්‍යයි. මේක LKR 3,250 වගේ මුදලක් වෙනවා.
යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.


