Friday, January 28, 2011

Sound Blaster Play එක නියම gadget එකක්




    
    අදත් මම කියන්නේ හොඳ ගැජට් එකක් ගැනයි. සමහරවිට ඔබ දන්නවා වෙන්නත් පුළුවනි. සාමාන්‍යයෙන් laptop පරිගණකයකින් අර සුපිරි කියන audio quality එකක් නැහැ. නමුත් මේ ගැජට් එක ඔබට තියෙනවානම් laptop නෙවේ, desktop එකකින් උනත් සුපිරිම sound quality එකක් ගන්න පුළුවනි. ඇත්තටම මේක මොනතරම් quality ද කියල අහල බලනතුරු ඔබ විශ්වාස කරන එකක් නැහැ. මේකේ තියෙන්නේ audio out එක සහ mic in ජැක් දෙකයි. mic in එකත් හරිම sensitive, ඉතා කුඩා ශබ්ද උනත් හොඳින් ඇදලා ගන්න පුළුවනි. plug and play විදියට වැඩ කරන්නත් පුළුවනි software එක install කරන්නේ නැතිව.



හැබැයි නියම sound experience එක ගන්න නම් software එක අවශ්‍යයි. මේක LKR 3,250 වගේ මුදලක් වෙනවා.
     යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

3 comments:

සුදු මහත්තයා said...

අර රුපියල් පන්සීය ගානකට තියෙන 1 වැඩක් නැද්ද ? මේක ලැප් එකට ගැහුවත් ඉතින් වෙනම ස්පීකර් සෙට් කරන්න ඕන නෙ. ලැප් එකට ගන්න හොඳ පොඩි ස්පීකර් මොනවද තියෙන්නෙ

Kappa said...

ඇත්තෙන්ම මම නම රු500 ට තියෙන එක ගැන දන්නේ නැහැ. එත් රු500කට නම මේ Creative Play එකේ තියෙන quality එක ගන්න බැහැ කියලනම් ෂුවර්.ස්පිකර් වෙනුවට හොඳ quality headphone එකක් පාවිච්චි කරන්නත් පුළුවනි. Logiteck ලගේ කුඩා ස්පිකර් තියෙනවා හොඳ quality. හැබැයි USB වලින් power එක ගන්න කුඩා ස්පිකර් වලනම් හොඳ සවුන්ඩ් කොලිටි එකක් බලා පොරොත්තු වෙන්න අමාරුයි. හොඳ headphone එකක් හොඳයි කියලත් හිතනවා.

Andrew said...

oya yana gamana itha hodai