Sunday, January 30, 2011

OneNote iPhone එකටත් ඇවිල්ලා


     ලංකාවෙත් iPhone පාවිච්චිය දවසින් දවස වැඩිවෙන නිසා iPhone ගැනත් බ්ලොගයේ ලියන්න අදහස් කළා. අද මම අලුත්ම iPhone App එකක් ගැන කියන්නයි හදන්නේ. ඔබ මයික්‍රොසොෆ්ට් OneNote පාවිච්චි කරන්නෙක් නම්, දැන් ඔබේ සියලුම පරිගණකයේ OneNote එකේ තිබෙන පොත් පත් iPhone එකේ සිට බලන්න, වෙනස් කරන්න හෝ අලුතින් එකතු කරන්න පුළුවනි. මෙන්න මෙහෙමයි එතකොට ඔබට iPhone එකේ සහ පරිගණකයේ පෙනෙන්නේ.
දම් පාටින් තිබෙන්නේ OneNote icon එක.

පරිගණකයේ පොත් පෙනෙන්නේ මේ අයුරින්.

iPhone එකේ පොත් පෙනෙන්නේ මේ අයුරින්.

පරිගණකයේ section tabs. 

iPhone එකේ section tabs.

පරිගණකයේ පිටු පෙනෙන අයුරු.

iPhone එකේ පිටු පෙනෙන අයුරු.

පරිගණක පිටුවේ අඩංගුව.

 iPhone පිටුවේ අඩංගුව.

     දිනපතා මම OneNote පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මේ App එකේ වටිනාකම ලෙහෙසියෙන් විස්තර කරන්න බැහැ. තවත් දෙයක්, ඔබ පරිගණකයේ තිබෙන OneNote පොත් iPhone එකේ සිට බලන්න අවශ්‍යනම්, මුලින්ම ඔබේ පරිගණකයේ තිබෙන සියලුම notebooks, skydrive එකට sync කරගත යුතු වෙනවා. iPhone app එකද skydrive එකයි access කරන්නේ.
     ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා. යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

2 comments:

sankalpana.info said...

මට නම් i phone 1ක් නෑ ඒත් ගන්න ඉන්නේ. බොහොම ස්තූතියි.

Unknown said...

try and try, you can win....