Sunday, January 23, 2011

Remote Code එකක් ගත්තොත් හොඳයි ලෙහෙසියි නේද?




              ඔබ DSLR කැමරා පාවිච්චි කරන්නෙක් නම්, මේ කියන gadget එක කොච්චර ඔබට වටිනවද කියල  තේරේවි. මේක Remote Code කියන corded remote control එකයි. මේක එච්චරම වටින්නේ ඇයි කියල කියනවනම්, විශේෂයෙන් telephoto lenses පාවිච්චි කරන අවස්ථා වලදීත්, Macro පින්තුර ගන්න අවස්ථා වලදීත් සහ Long exposure පින්තුර ගනිත්දිත් camera shake හෙවත් කැමරාව relese බොත්තම ඔබද්දී සෙලවීම නිසා ගන්න පින්තුරය පැහැදිලි නොවී බොඳ වීමයි. එතකොට කියයි එහෙනම් VR lens(Variable reduction) එකක් පාවිච්චි කලානම් හරිනේ කියලා. මගේ පෞද්ගලික මතය නම්, VR කියන එක business ප්‍රෝඩාවක් දෝ කියලත් හිතෙනවා. සල්ලි ඇතත්, නැතත් මම VR නම් ගන්නේ නැහැ. එක මට තේරුමක් නැහැ. ඕනෑම professional photographer කෙනෙක් කැමරාව tripod එක උඩ තිබ්බම VR එක off කරනවා. technically උවද off කල යුතුයි. ඉතින් මොකටද VR නේද. ඉතින් camera shake එක වලක්වා ගන්න මේ corded remote controller eka හරිම වටිනවා. කැමරාව tripod එකක හෝ stable ස්ථානයක තබා, මෙම remote controller එකේ තියෙන බොත්තම ඔබද්දී, auto focusing ද සිදුවී පින්තුරය ගත හැක. DSLR කැමරා පාවිච්චි කරන්නෙකු ළඟ මෙය අත්‍යවශ්‍ය දෙයක් කියා මම හිතනවා. ඉහත රුපයේ පෙන්වා ඇත්තේ Kenko වර්ගයේ D90, D5000 කැමරා සඳහා වන remote controller එකයි. දැනට තිබෙන ඕනෑම කැමරා වර්ගයකටම Kenko සමාගම මෙම remote controller එක නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් රුපියල් වලින් 2,000 සිට ඉහලට කැමරා වර්ගය අනුව වෙනස් වෙනවා. ඉතින් මේක ගන්න වටිනා එකක් නෙවේද? හිතල බලන්න.
යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

8 comments:

Meth Visula said...

i used to have the same issue.(the shake while pressing the shutter)
now i am using the camera's timer :)

Unknown said...

Yes, that's true to use the timer. but how many times to set the timer??? it's bothering isn't it. that's why i also bought this cause it's bothersome. why don't you go for a one. very very convenient.

ප්‍රියංක ‍පොටෝ said...

අයියා මම ඡායාරෑප ශිල්පයට අලූත් මට කියනවද ඊට ගැළපෙන කැමරා ගැන විස්තරයක්

Unknown said...

@පියංක ෙපාෙටා්මල්ලි, කැමරා ගැන අපි ගොඩක් කතා කලා ටෙක්කතා group එකේ. මෙන්න ඒ ලින්ක් එක. වැඩිදුර විස්තර අවශ්‍යනම් අහන්න ඕනෑම වෙලාවක මම උදව් කරන්නම්. ස්තුතියි.

ටෙක්කතා group link
http://groups.google.com/group/techkatha/browse_thread/thread/53d4f0cfe1f61be1/3beddc75742c156b?q=DSLR&lnk=ol&

ප්‍රියංක ‍පොටෝ said...

මමත් ඉදලා ඉදලා කැමරා ගැන අහලා තියෙන්නේ
කැමරාරජ කෙනෙක්ගෙන් නේ තෑන්ක් තෑන්ක් වෙරි වෙල් කපිල අයියා !!!!!
DSLR අඩුම මිල කැමරාවක් ලංකාවෙන්
LKR 50 000 වගේ ගන්න තැනක් කියනවද
ස්තතියි!

Unknown said...

@පියංක ෙපාෙටා්ස්තුතියි මල්ලි ඔයාගේ කොමෙන්ට් එකට. කැමරා ගැන මමත් දන්නේ බොහොම අතලොස්සක් දේවල් පමණයි. මම ඉන්නේ ලංකාවේ නොවන නිසා ලංකාවේ මිල ගණන් නම් මම දන්නේ නැහැ මල්ලි. හැබැයි ලංකාවෙන් කැමරා ගද්දි පරිස්සමින් ගන්න මොකද අපේ මිනිස්සු අන්දලා බඩු විකුනන්න එක්ස්පර්ට්ලානේ. හොඳට study කරලා කැමරා ගන්න. ෂොප් වල අයගෙන් අහන්න එපා කැමරා වල ගුණ අගුණ හොඳ නරක.

ruchira sandamal said...

machan ai tripod ekedi VR OFF karanne.Technical pattha kiyanna

Unknown said...

රුචිර, සමාවෙන්න පිලිතුරක් ලියන්න ප්‍රමාධ උනාට. මම දක්කෙ නැහැ මෙසේජ් එක. vr off කරන්න හේතුව vr on කරාම කැමරාව හිතන්නෙ සෙලවෙනවා කියලා. ඒක නිසා ලෙන්ස් එක ඇතුලේ තියෙන මෙකැනිකල් කොටස ක්‍රියාත්මක වෙනව steady කරන්න. tripod එක උඩ උපරිම නිශ්චලව තිබෙන කැමරාව vr on කරාම නිකරුනේ ලෙන්ස් එක අතුලෙ මෙකැනිසම් එක සෙලවීම උත්සාහ කරන්න බලනව. විටෙක ගන්න පිංතූරය උපරිම ෂාප් නොවෙන්න ඉඩ තියෙනවා.