Monday, January 31, 2011

iPhone ඒකෙන් Free SMS ලෝකෙ වටේට.


     ඔබත් iPhone user කෙනෙක් නම් මේ කියන්න හදන App ඒක මොනතරම් වටිනා එකක්ද කියල ඔබටම තේරේවි. කිසිදු මුදලකින්, සීමාවකින් තොරව ලෝකෙ වටේටම SMS නොමිලේ යවන්න නම් මෙන්න App එක. මේක iTunes එකෙන් නොමිලේම බාගත කරගත හැක. HeyWire කියල search කරානම් ටක් ගාල හම්බ වෙනවා. මුලින්ම මේක iPhone එකේ install කරලා HeyWire account එකක් හදාගන්න ඕනි. එතැන් සිට SMS යවන්න පටන් ගන්න පුළුවනි. ඔබගේ iPhone contacts ලෙහෙසියෙන්ම තෝරාගෙන SMS යවන්න පුළුවනි. මතකතබා ගන්න, SMS යන්නේ ඔබගේ provider හරහා නොව, internet හරහායි. එසේම, ඔබ iPod Touch පාවිච්චි කරන්නෙක් නම්, wifi හරහා ඔබටද SMS යැවිය හැක. එනිසයි Free SMS කිවේ. ඉතින් මේක cool App එකක් නෙවේද!!

iPhone icon ඒක


     ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා. යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

Sunday, January 30, 2011

OneNote iPhone එකටත් ඇවිල්ලා


     ලංකාවෙත් iPhone පාවිච්චිය දවසින් දවස වැඩිවෙන නිසා iPhone ගැනත් බ්ලොගයේ ලියන්න අදහස් කළා. අද මම අලුත්ම iPhone App එකක් ගැන කියන්නයි හදන්නේ. ඔබ මයික්‍රොසොෆ්ට් OneNote පාවිච්චි කරන්නෙක් නම්, දැන් ඔබේ සියලුම පරිගණකයේ OneNote එකේ තිබෙන පොත් පත් iPhone එකේ සිට බලන්න, වෙනස් කරන්න හෝ අලුතින් එකතු කරන්න පුළුවනි. මෙන්න මෙහෙමයි එතකොට ඔබට iPhone එකේ සහ පරිගණකයේ පෙනෙන්නේ.
දම් පාටින් තිබෙන්නේ OneNote icon එක.

පරිගණකයේ පොත් පෙනෙන්නේ මේ අයුරින්.

iPhone එකේ පොත් පෙනෙන්නේ මේ අයුරින්.

පරිගණකයේ section tabs. 

iPhone එකේ section tabs.

පරිගණකයේ පිටු පෙනෙන අයුරු.

iPhone එකේ පිටු පෙනෙන අයුරු.

පරිගණක පිටුවේ අඩංගුව.

 iPhone පිටුවේ අඩංගුව.

     දිනපතා මම OneNote පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මේ App එකේ වටිනාකම ලෙහෙසියෙන් විස්තර කරන්න බැහැ. තවත් දෙයක්, ඔබ පරිගණකයේ තිබෙන OneNote පොත් iPhone එකේ සිට බලන්න අවශ්‍යනම්, මුලින්ම ඔබේ පරිගණකයේ තිබෙන සියලුම notebooks, skydrive එකට sync කරගත යුතු වෙනවා. iPhone app එකද skydrive එකයි access කරන්නේ.
     ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා. යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

Friday, January 28, 2011

Sound Blaster Play එක නියම gadget එකක්




    
    අදත් මම කියන්නේ හොඳ ගැජට් එකක් ගැනයි. සමහරවිට ඔබ දන්නවා වෙන්නත් පුළුවනි. සාමාන්‍යයෙන් laptop පරිගණකයකින් අර සුපිරි කියන audio quality එකක් නැහැ. නමුත් මේ ගැජට් එක ඔබට තියෙනවානම් laptop නෙවේ, desktop එකකින් උනත් සුපිරිම sound quality එකක් ගන්න පුළුවනි. ඇත්තටම මේක මොනතරම් quality ද කියල අහල බලනතුරු ඔබ විශ්වාස කරන එකක් නැහැ. මේකේ තියෙන්නේ audio out එක සහ mic in ජැක් දෙකයි. mic in එකත් හරිම sensitive, ඉතා කුඩා ශබ්ද උනත් හොඳින් ඇදලා ගන්න පුළුවනි. plug and play විදියට වැඩ කරන්නත් පුළුවනි software එක install කරන්නේ නැතිව.



හැබැයි නියම sound experience එක ගන්න නම් software එක අවශ්‍යයි. මේක LKR 3,250 වගේ මුදලක් වෙනවා.
     යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

Sunday, January 23, 2011

Remote Code එකක් ගත්තොත් හොඳයි ලෙහෙසියි නේද?




              ඔබ DSLR කැමරා පාවිච්චි කරන්නෙක් නම්, මේ කියන gadget එක කොච්චර ඔබට වටිනවද කියල  තේරේවි. මේක Remote Code කියන corded remote control එකයි. මේක එච්චරම වටින්නේ ඇයි කියල කියනවනම්, විශේෂයෙන් telephoto lenses පාවිච්චි කරන අවස්ථා වලදීත්, Macro පින්තුර ගන්න අවස්ථා වලදීත් සහ Long exposure පින්තුර ගනිත්දිත් camera shake හෙවත් කැමරාව relese බොත්තම ඔබද්දී සෙලවීම නිසා ගන්න පින්තුරය පැහැදිලි නොවී බොඳ වීමයි. එතකොට කියයි එහෙනම් VR lens(Variable reduction) එකක් පාවිච්චි කලානම් හරිනේ කියලා. මගේ පෞද්ගලික මතය නම්, VR කියන එක business ප්‍රෝඩාවක් දෝ කියලත් හිතෙනවා. සල්ලි ඇතත්, නැතත් මම VR නම් ගන්නේ නැහැ. එක මට තේරුමක් නැහැ. ඕනෑම professional photographer කෙනෙක් කැමරාව tripod එක උඩ තිබ්බම VR එක off කරනවා. technically උවද off කල යුතුයි. ඉතින් මොකටද VR නේද. ඉතින් camera shake එක වලක්වා ගන්න මේ corded remote controller eka හරිම වටිනවා. කැමරාව tripod එකක හෝ stable ස්ථානයක තබා, මෙම remote controller එකේ තියෙන බොත්තම ඔබද්දී, auto focusing ද සිදුවී පින්තුරය ගත හැක. DSLR කැමරා පාවිච්චි කරන්නෙකු ළඟ මෙය අත්‍යවශ්‍ය දෙයක් කියා මම හිතනවා. ඉහත රුපයේ පෙන්වා ඇත්තේ Kenko වර්ගයේ D90, D5000 කැමරා සඳහා වන remote controller එකයි. දැනට තිබෙන ඕනෑම කැමරා වර්ගයකටම Kenko සමාගම මෙම remote controller එක නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් රුපියල් වලින් 2,000 සිට ඉහලට කැමරා වර්ගය අනුව වෙනස් වෙනවා. ඉතින් මේක ගන්න වටිනා එකක් නෙවේද? හිතල බලන්න.
යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

Sunday, January 2, 2011

ඔබේ computer එකට memory upgrade එකක් අවශ්‍යද?

     එහෙනම් හරියටම ගැලපෙන memory upgrade එක බලාගන්න හොඳ website එකක් ගැන කියන්නයි මේ හදන්නේ. website එක තමයි crucial.com. මේ site එකට ගිහින් අදියර 3කින් ඔබට බලාගන්න පුළුවනි කුමන ප්‍රමාණයේ memory upgrade එකක්ද අවශ්‍යය කියල. මෙම website එකට ගොස්,
Step 1 එකට නිෂ්පාදකයාගේ නමත්,
Step 2 එකට කුමන නිෂ්පාදනයදත්,
Step 3 එකට මොඩලයත් යොදා FIND IT click කිරීමෙන් මෙය සිදුකර හත හැකියි. මෙය ඔබට‍ ප්‍රයෝජනවත් වේවි කියා සිතුන නිසයි බ්ලොගයට දැම්මේ.
     comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

Saturday, January 1, 2011

ඔක්කොම Drivers back up කරගනිමු.

     මුලින්ම සුබ නව වසරක් වේවා කියල පටන් ගන්නම්. අද මම කියන්න යන්නේ නියම software එකක් ගැනයි. මේකෙන් ඔයාලට පුළුවනි PC එකේ තියෙන drivers ඔක්කොම backup කරගන්නත් restore කරගන්නත්. ඒ විතරක් නෙවේ, මේකේ තියෙන COOL ම feature එක තමා, දැනට computer එකේ තියෙන drivers ඔක්කොම latest ද කියල බලල, එසේ නැතිනම් latest ම ඒවා හොයල download කරගන්න දෙනවා. ඉතින් COOL  නෙවේද? එහෙනම් අපි download කරගනිමු Driver Max software එක.
Driver Max - Download














ඉතින් මේ tool  එක පාවිච්චි කරන්න හරිම ලෙහෙසියි. අපහසු තැනක් තියෙනවනම් මගෙන් අහන්න. ඕනෑම වෙලාවක උදව් කරන්න මම ready. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.