Monday, January 31, 2011

iPhone ඒකෙන් Free SMS ලෝකෙ වටේට.


     ඔබත් iPhone user කෙනෙක් නම් මේ කියන්න හදන App ඒක මොනතරම් වටිනා එකක්ද කියල ඔබටම තේරේවි. කිසිදු මුදලකින්, සීමාවකින් තොරව ලෝකෙ වටේටම SMS නොමිලේ යවන්න නම් මෙන්න App එක. මේක iTunes එකෙන් නොමිලේම බාගත කරගත හැක. HeyWire කියල search කරානම් ටක් ගාල හම්බ වෙනවා. මුලින්ම මේක iPhone එකේ install කරලා HeyWire account එකක් හදාගන්න ඕනි. එතැන් සිට SMS යවන්න පටන් ගන්න පුළුවනි. ඔබගේ iPhone contacts ලෙහෙසියෙන්ම තෝරාගෙන SMS යවන්න පුළුවනි. මතකතබා ගන්න, SMS යන්නේ ඔබගේ provider හරහා නොව, internet හරහායි. එසේම, ඔබ iPod Touch පාවිච්චි කරන්නෙක් නම්, wifi හරහා ඔබටද SMS යැවිය හැක. එනිසයි Free SMS කිවේ. ඉතින් මේක cool App එකක් නෙවේද!!

iPhone icon ඒක


     ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා. යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

6 comments:

Thoppiya said...

ශා මරු... ස්තූතියි ....


ඕනේ නෙට්වර්ක් එකකට යවන්න පුලුවන්ද???
දවසට ලිමිට් එකක් තියෙද??

Unknown said...

ඕනෑම එකකට යවන්න පුළුවනි. ලිමිට් නැහැ.

talktokasun said...

අයුබෝවන් කප්පා මහතුනේ, මේකෙ Softbank නෙට්වර්ක් එක තියෙන්නෙ ජපන් රටේ නේද? මම විගහට බැලුවෙ මේ කොහේද කියල. ඒ කාලෙ මම පාවිච්චි කරේ AU. දැන් ඉතින් ලංකාවෙ සනීපෙන් ඉන්නව. ගොඩක් පිං මේ ලිපියට...

Unknown said...

ඔව කසුන් මම ඉන්නේ ජපානේ. AU ත් හොඳ network එකක් නේද? අයෙ එන්න බලන්න මෙහෙට.

Rajitha Abeysinghe said...

මැශින් එකින් පෝන් වලට free sms යවන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් කියන්නකෝ.

Unknown said...

මැෂින් එකකින් sms යවන්න නම් ඉතින් විශ්වාසදායක එකකට තියෙන්නේ Suntel WOW තමා. ලංකාවේ ෆෝන් වලට නේද?
http://sms.wow.lk/user/login.php