Sunday, July 29, 2012

Unboxing Vanguard Espod Plus 234AP Tripod

මෙම එපිසෝඩ් එකෙන් Vanguard tripod එකේ unboxing කරනවා. මෙය මුදලේ හැටියට වටිනා විවිධ angle වලින් පින්තූර ගතහැකි tripod එකක්. මෙය නිපදවා ඇත්තේ Aluminum Alloy වලින්. එනිසා ගොඩක් සැහැල්ලුයි. ඕනෑම අකාරයේ ඡායාරුප ශිල්පියෙකුට මෙය ගැලපෙනවා.

මිල, යෙන් 8,200/=. මුදල යෙන් වලින් දැම්මේ, රුපියල් වලින් දැම්මොත්, තවත් මාස කිහිපයකින් බලන කෙනෙකුට ඇත්ත වටිනාකම දැනගන්න නොහැකිවන නිසයි. හේතුව රුපියලේ අගය වෙනස් වන නිසා. මෙය ලෙහෙසියෙන්ම google කලොත් “8200 yen in LKR” කියල, අදට පවතින රුපියලේ අගයට ගණන බලාගන්න පුළුවනි.

ස්තුතියි.

Vanguard Espod Plus 234AP

Thursday, July 19, 2012

ජපානයේ Gion Festival එක බලන්න ගියා.

ජූලි මාසේදී ජපානයේ Gion Festival කියල උත්සවයක් තියෙනවා. ලංකාවේ දළදා පෙරහැර වගේ වීදි දිගේ පෙරහැර යනවා. හැබැයි දළදා පෙරහැර තරම් දියුණු නම් නැහැ. ඉතින් මමත් D7000 කැමරාවයි 17-50mm f2.8 ලෙන්ස් එකයි අරගෙන ගිහිල්ල ගත්ත පින්තූර ටිකක් දැම්මා ඔයගොල්ලන්ටත් බලන්න. කිසිදු edit කිරීමක් කරලා නැහැ. කැමරාවෙන් ගත්ත විදියමයි.

ඔබේ කොමෙන්ට්ස් මට ධෛර්යයක්.

ස්තුතියි. (All Pictures CopyRighted)