Showing posts with label iPhone Apps. Show all posts
Showing posts with label iPhone Apps. Show all posts

Monday, January 31, 2011

iPhone ඒකෙන් Free SMS ලෝකෙ වටේට.


     ඔබත් iPhone user කෙනෙක් නම් මේ කියන්න හදන App ඒක මොනතරම් වටිනා එකක්ද කියල ඔබටම තේරේවි. කිසිදු මුදලකින්, සීමාවකින් තොරව ලෝකෙ වටේටම SMS නොමිලේ යවන්න නම් මෙන්න App එක. මේක iTunes එකෙන් නොමිලේම බාගත කරගත හැක. HeyWire කියල search කරානම් ටක් ගාල හම්බ වෙනවා. මුලින්ම මේක iPhone එකේ install කරලා HeyWire account එකක් හදාගන්න ඕනි. එතැන් සිට SMS යවන්න පටන් ගන්න පුළුවනි. ඔබගේ iPhone contacts ලෙහෙසියෙන්ම තෝරාගෙන SMS යවන්න පුළුවනි. මතකතබා ගන්න, SMS යන්නේ ඔබගේ provider හරහා නොව, internet හරහායි. එසේම, ඔබ iPod Touch පාවිච්චි කරන්නෙක් නම්, wifi හරහා ඔබටද SMS යැවිය හැක. එනිසයි Free SMS කිවේ. ඉතින් මේක cool App එකක් නෙවේද!!

iPhone icon ඒක


     ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා. යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

Sunday, January 30, 2011

OneNote iPhone එකටත් ඇවිල්ලා


     ලංකාවෙත් iPhone පාවිච්චිය දවසින් දවස වැඩිවෙන නිසා iPhone ගැනත් බ්ලොගයේ ලියන්න අදහස් කළා. අද මම අලුත්ම iPhone App එකක් ගැන කියන්නයි හදන්නේ. ඔබ මයික්‍රොසොෆ්ට් OneNote පාවිච්චි කරන්නෙක් නම්, දැන් ඔබේ සියලුම පරිගණකයේ OneNote එකේ තිබෙන පොත් පත් iPhone එකේ සිට බලන්න, වෙනස් කරන්න හෝ අලුතින් එකතු කරන්න පුළුවනි. මෙන්න මෙහෙමයි එතකොට ඔබට iPhone එකේ සහ පරිගණකයේ පෙනෙන්නේ.
දම් පාටින් තිබෙන්නේ OneNote icon එක.

පරිගණකයේ පොත් පෙනෙන්නේ මේ අයුරින්.

iPhone එකේ පොත් පෙනෙන්නේ මේ අයුරින්.

පරිගණකයේ section tabs. 

iPhone එකේ section tabs.

පරිගණකයේ පිටු පෙනෙන අයුරු.

iPhone එකේ පිටු පෙනෙන අයුරු.

පරිගණක පිටුවේ අඩංගුව.

 iPhone පිටුවේ අඩංගුව.

     දිනපතා මම OneNote පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මේ App එකේ වටිනාකම ලෙහෙසියෙන් විස්තර කරන්න බැහැ. තවත් දෙයක්, ඔබ පරිගණකයේ තිබෙන OneNote පොත් iPhone එකේ සිට බලන්න අවශ්‍යනම්, මුලින්ම ඔබේ පරිගණකයේ තිබෙන සියලුම notebooks, skydrive එකට sync කරගත යුතු වෙනවා. iPhone app එකද skydrive එකයි access කරන්නේ.
     ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා. යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.