Sunday, June 26, 2011

Photography Episode 07–ExpoDisc

ExpoDisc එක මොකක්ද? කොහොමද පාවිච්චි කරන්නේ?

අද මම තවත් එපිසෝඩ් එකක් කළා unboxing. මේක photography කරන අයට ඉතාමත්ම ප්‍රයෝජනවත් වටිනා උපකරණයක්. මෙයින් කරන්නේ නිවැරදි වර්ණ කැමරාවට ලබා දීමට සහ නිවැරදි exposure එක බලාගැනීමට උපකාරී කිරීමයි. එවිට ඔයගොල්ලන්ට photoshop වලට දාගෙන edit කර කර කාලය නාස්ති කරන්න ඕනි වෙන්නේ නැහැ. ඔබ නිතර පින්තුර ගන්න අයෙක්නම්, පින්තුර අරගෙන ඒවායේ color balance, white balance, re-exposure  වගේ දේවල් photo එකින් එක edit කරන එක මොනතරම් වදයක්ද? එනිසයි ExpoDisc හඳුන්වා දී තිබෙන්නේ. මෙහි මිල අධික නිසා බැලු බැල්මට එතරම් වටිනා එකක් නොවන සේ පෙනුනත්, මෙහි ප්‍රයෝජනය ඉතා ඉහලයි.
ExpoDisc ඒකෙන ගත් අලුත් පින්තුර කිහිපයක් ඉදිරියේදී මම දාන්නම්.

මෙහි මිල,

77mm ExpoDisc Rs. 21,000/= පමණ මුදලක් වෙනවා ජපානයේ.

A4 gray card දෙකක මිල Rs. 1,600/= මුදලක් වෙනවා.

ප්‍රශ්න ඇතොත් අහන්න. ඔබේ කොමෙන්ට් මට තවත් ඉදිරියට කරගෙන යන්න ධෛර්යයක්. ස්තුතියි.

31 comments:

ItalyDilan said...

ග්‍රේ කාඩ් එකත් හසුරවන හැටි දැනගන්න ආසයි

amilaangelo said...

මේ බ්ලොග් එක හරිම ප්‍රයෝජනවත් අපි වගේ ජයරුපකරණය ඉගන ගන්න අස අයට.. ඔයාට ගොඩක් පින්... ඔහොම යන්...

amilaangelo said...

අළුෙතන් Reflex වර්ගයේ කැමරාවක් ගද්දි මොනවර්ගයද හොද...
Digital SLR Camera ‌‍‌ඳ නැත්නම Fotocamere MirrorLess...? අදහසක් තියනවා MirrorLess වර්ගයේ එකක් ගන්න..මොකද ප්‍රමාණයෙන් ටීකක කුඩා නිසා(සමහර විට මම වැරදී අති) ඉතින් පොඩි අදහසක් දෙනවද ....

Unknown said...

@ItalyDilan
හරි අමිල. ඉදිරියේදී මම white balance ගැන එපිසෝඩ් එකක් කරනවා. එකේදී gray card එක උසේ කරන විදිය කරන්නම්.
හොඳම කැමරාවක් කිව්වොත් ඕනෑම photographer කෙනෙක් කියන්නේ DSLR තමයි. මොකද DSLR තමයි සෑම professional photographer කෙනෙක්ම පාවිච්චි කරන්නේ. නමුත් mirrorless කැමරාවලත් හොඳ පින්තුර ගන්න quality කැමරා තියෙනවා. කැමරා වර්ග වලදී හොඳ කෝකද කියල හොයනවට වඩා, අපේ target එක මොකක්ද කියල හඳුනාගෙන, අපට සුදුසු කැමරාවක් මිලදී ගන්න එක හොඳයි කියල මගේ අදහසනම්. mirrorless එකකදී viewfinder එකක් තියෙනවනම්(LCD screen එක හැර), අපට පෙනෙන්නේ කුඩා LCD තිරයක් හරහායි. නමුත් කැමරාකරණ ගැන හොඳ අදහසක්, පළපුරුද්දක් තියෙන කෙනෙක් පියවි ඇසට පෙනෙන විදියම viewfinder එක හරහා දකින්න කැමතියි. එනිසා DSLR ජනප්‍රියයි. මගේ පෞද්ගලික මතයනම්, DSLR එකක් හරිම පහසුයි. ඒක හරියට අපට හීලැයි කියල මම කියන්නේ. ඉදිරියේදී photography තුලින් දුර ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවනම්, DSLR තමයි හොඳම. මොකද අපට අවශ්‍ය විදියට lenses, filters ඇතුළු හැමදෙයක්ම පහසුවෙන් හසුරුවා ගන්න පුළුවනි. අලුතින් reflex වර්ගයේ එකක් ගන්න නම්, අඩුම තරමින් Nikon D3100 එකක්වත් ගන්න පුළුවනි නම් හොඳයි. මම පෞද්ගලිකව Nikon කැමරා වලට කැමති නිසා Nikon ගැන තමයි වැඩි හරියක් දන්නේ. Canon වලින් නම් ජපානයේ තියෙන Kiss X4 වගේ එකක්වත් ගන්න පුළුවනි නම් හොඳයි. canon කැමරා වල model ඒක ජපානේ,ඇමෙරිකාවේ යුරෝපයේ වගේ රටවල විවිද මොඩල් නම් වලින් තියෙන්නේ ඒකම කැමරාව. මම හිතන්නේ ජපානේ Kiss X4 කියන්නේ ලංකාවේ T2i හෝ 550D කියන මොඩල දෙකින් එකයි.
කොමෙන්ට් වලට ස්තුතියි. ඕනෑම ප්‍රශ්නයක් අහන්න. ස්තුතියි.

lasantha said...

අපි දිගටම ඔයත් එක්ක ඉන්නවා, දිගටම ලියන්න එල කිරි.......

Unknown said...

@Udaya.luk
ස්තුතියි උදය.

මුටා said...

අය්යා මට photography කරන්න ආසයි.. මම හිතුවා Nikon D5100 එකක් ගන්න. එක හොද ද?

Unknown said...

@මුටා
D5100 හොඳ කැමරාවක් මල්ලි. සෑහෙන දෙයක් ඒකෙන කරගන්න පුළුවනි. මමත් ගොඩක් try කරලා බැලුව ඒක. ස්තුතියි කොමෙන්ට් එකට.

sandun999 said...

මම ලගදි දවසක දැක්ක e bay එකේ 420mm -800mm කියල ලෙන්ස් එකක් ( US $167.95 වෙන) දාල තියෙනව...ඒක මගෙ nikkon d3100 ට හරියයි ද?

link - http://cgi.ebay.com/420-800mm-Lens-Nikon-D7000-D300s-D90-D3s-D5100-D3x-/140558661702?pt=Camera_Lenses&hash=item20b9f2f846

Unknown said...

@sandun999
සඳුන්, මේක D3100 එකට mount කරන්න පුළුවනි. හැබැයි මේ ලෙන්ස් ඒක full manual එකක්. SLR කැමරා වලට හදපු එකක්. focusing පවා manual. DSLR එකකට manual ලෙන්ස් දාගෙන පාවිච්චි කරද්දිනම් මහා වදයක් වෙන්න බැරි නැහැ. මෙච්චර ලාබ එච්චර වටින්නේ නැති නිසයි. අනික තමයි aperture ඒක අඩුම තියෙන්නේ F8.3. අඩුම තරමින් F5.6 වත් ඕනි. SLR කැමරාවකටනම් කමක් නැහැ කිව්වත්, DSLR(D3100) එකකට ගන්න කලින් තව හිතන්න කියලයි මට කියන්න තියෙන්නේ. මේක $10ක් උනත් මම ගන්නේ නැහැ. හේතුව මම DSLR පාවිච්චි කරන නිසා. ස්තුතියි.

තාරක Dilsh@n said...

හොඳයි අයියා. දිගටම යන්... මමත් 0 ඉඳන් එන කෙනෙක්..

තාරක Dilsh@n said...

this is for comment subscription :)

sandun999 said...

සිරාවටම thanks machan....

තාරක Dilsh@n said...

RAW & JPEG වල වෙනස පොඩ්ඩක කෙටියෙන් කියල දෙන්න පුලුවන්ද? මට තේරෙන විදියටනම් RAW edit කරල අපිට ඕන විදියකට හදන්න පුලුවන් details ගොඩක් එක්ක..

තව පුලුවන්නම් මුල ඉඳල ඉගෙන ගන්න අයට හොඳ වෙබ් සයිට් ටිකක් දෙනවද?

Unknown said...

@තාරක Dilsh@n
තාරක, ස්තුතියි කොමෙන්ට් එකට. JPEG & RAW වල වෙනස කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. මුලින්ම JPEG කියන්නේ image file format එකක්. RAW කියන්නේ image file format එකක් නෙවෙයි. මේ දේ තේරෙන භාෂාවෙන් කිව්වොත් මෙහෙමයි. ඉස්සර අපි පින්තුර ගත්තේ SLR කැමරාවකට film reel එකක් දාලනේ. එතකොට ඒ ගත්ත ෆොටෝ අපි කිව්වේ "සුද්ද කරනවා" කියලනේ. ස්ටුඩියෝ එකකට දීල සුද්දකරගෙන එනකොට පොඩි බෑග් එකකට දාල අර පොඩි දුඹුරුපාට කැමරාවට දාපු පටල ටිකත් දෙනවනේ. අපි ගත්ත ෆොටෝ ටික JPEG කිව්වොත් අර දුඹුරුපාට පටල RAW කියල කියන්න පුළුවනි. RAW කියන්නේ Digital Negative එකක්. RAW එකක තියෙන වාසිය තමයි එකේ quality loss එක අවමයි. කැමරාවේ sensor එකට ලැබෙන පින්තුරය කිසිදු process එකක් නොකර ගෙඩිපිටින්ම save කරගන්නවා කිව්වොත් හරි. JPEG කියන එක කැමරාව ඇතුලේ white balance, metering සහ තවත් process කරලා අන්තිමටම save කරනවා. නිවැරදිව කැමරාව හැසිරවිය හැකි කෙනෙක් පමණයි JPEG විදියට ෆොටෝ ගත යුත්තේ මොකද JPEG එකක් software එකකින් edit කලොත් quality loss එකක් වෙනවාමයි. නමුත් RAW කියන්නේ Digital Negative එකක් නිසා edit කරලා save කිරීමේදී අර කෙලින්ම කැමරාවෙන් ගත්ත JPEG එකක් විදියට ගන්න පුළුවනි. කැමරා නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට RAW files වල data තියාගන්න format එක වෙනස්. මේ ටික තේරුණා මදිනම් කියන්න ආයේ විස්තර කරන්නම්. ස්තුතියි.

June 28, 2011 10:17 PM

තාරක Dilsh@n said...

ම්ම් තේරුණා..
ඒ හින්ද තමයි රෝ ෆයිල් එකක් 25MBක් විතර වෙන්නේ?

තව එකක්, එතොකොට රෝ වලින් ගන්න ඉමේජ් ඔක්කොම සුද්ද කරන්න ඕනෙද? නිකන්ම බලන්න බෑනෙ

ඒකට හොඳ ස්ටූඩියො මොනවද?

Unknown said...

@තාරක Dilsh@n
මෙහෙමයි තාරක, RAW file එකක data වැඩි නිසයි එච්චර විශාල. නමුත් සුද්ද කරනවා කියල එකක් නැහැ Digital නිසා. සාමාන්‍යයෙන් camera නිෂ්පාදන සමාගම් විසින් ඒ ඒ RAW files වලට software හදනවා. උදාහරණයක්‌ ලෙස Nikon සමාගම හදන Capture NX, View NX කියන්න පුළුවනි. නමුත් Adobe Photoshop, LightRoom software වලින් අපිට RAW files Image Files විදියට edit කරලා convert කරගන්න පුළුවනි ඉතා හොඳ quality එකක් ඇතිව.

තාරක Dilsh@n said...

මම සුද්ධ කරනවා කියල අදහස් කලේ edit කරන එක තමයි. අපි කොහෙ හරි ගිහින් ෆොටෝස් ගොඩක් ගැහැවොත් ඒ එක එක බල බල ආයෙ edit කරන එක ටිකක් අමාරු වැඩක් නිසයි ඇහුවේ.

බොහොම ස්තූතිය්. මුල් ටිකේ RAW & JPEG 2න්ම ගහල බලනවා

Unknown said...

@තාරක Dilsh@n
තාරක, අන්න ඒ අපහසුතාවය නිසා තමයි නැවත edit නොකර පින්තුර ගන්න හැකි ExpoDisc එක ගැන මම එපිසෝඩ් එකක් කලේ. සාමාන්‍යයෙන් RAW file එකක් Gray පැහැයට හුරුයි. තමන්ම තමයි RAW edit කරන්න ඕනි. හුඟක්ම wedding photography කරන අය photo album හදනකොට photo වලට විවිද effects දානවා. අන්න එවිටයි RAW files වල වැදගත්කම තියෙන්නේ. තමන් ගන්න පින්තුරය edit කල යුතුයි කියන පරමාර්ථය ඇතුව ගන්නවානම්, RAW වලින් ගන්න එක හොඳයි. නමුත් අපි එදිනෙදා ගන්න හැම පින්තුරයක්ම edit කර කර ඉන්න බැරි නිසයි, ExpoDisc එකෙක් නියම exposure එකක් අරගෙන ආයේ edit නොකරන්න පින්තුර ගන්න හැකියාවක් තියෙන්නේ. ඒ නිසා නිවැරදිව white balance, metering, exposure, ISO හදාගෙන පින්තුරයක් ගන්න හැකිනම්, ආයේ edit කරන්න අවශ්‍ය නැහැ. නමුත් wedding photography කරන අය නම් RAW ගන්න එක හොඳයි කියල මම හිතනවා photo albums හදන නිසා පරිගණකයෙන්.

Unknown said...

@තාරක Dilsh@n
තාරක, මට අමතක වුනා links දෙන්න. මේ links බලන්න. හොඳයි

http://www.youtube.com/user/binarygraphite
http://www.youtube.com/user/adoramaTV
http://www.michaelthementor.com/
http://www.cambridgeincolour.com/tutorials.htm
http://www.digital-photography-school.com/

තාරක Dilsh@n said...

බොහොම ස්තූතියි අයියා මම බලන්නම්.
මේ දවස වල http://froknowsphoto.com/
බලනවා..

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ගොඩක් ස්තුතියි නියම ගැජට් එකක් මමත් පලවෙනි පාර තමයි දැකේකේ.. ලංකාවේ නම් මම දැකලා තිබ්බේ නෑ ඇහුවෙත් අදමයි... GRAY CARD එක ගැනත් පුලුවන් වෙලාවක ලියන්න.. අනික වීඩියෝ වලින් ලස්සනට කරන පලවැනි බ්ලොග් එක කියුවොත් මම හිතන්නේ මම නිවැරදි... සුභ පැතුම්....!! 

Unknown said...

@Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව
දිල්නුවන්, ඔයා ඔය කියන කතාවම අද උදේ මටත් හිතුණා. ලංකාවේ වීඩියෝ වලින් කරන බ්ලොග් එකක් හෝ, Photography ගැන වීඩියෝ(ලංකාවේ කෙනෙක් කරපු) මම කලින් දැකලා නැහැ. මේක ඇත්තටම ලංකාවේ ප්‍රථම වතාවට වෙන දෙයක් නම්, මට බ්ලොග් එකේ එක දාන්න පුළුවනි ප්‍රථම වරට කියල:D ගොඩක් ස්තුතියි ඔයාගේ කොමෙන්ට් එකට. Grey card එක ගැන පොඩි වීඩියෝ එකක් දාන්නම් ExpoDisc එකත් එක්කත් compare කරලා.

buddika said...

niyamae aeya bohomada pin. sama hara photographers la keyanawa nikon wala color walata wada canon cam eka color hodae keyala eka attada

Unknown said...

@buddika

කවදාවත් පිළිගන්න එපා එහෙම කථා. සමහර අය ඒ විදියට කථා කරනවා ඕනෑම දෙයකට තමන් ළඟ තියෙන දේ අනෙක් දේට වඩා හොඳයි කියල කියන්න. Nikon Canon විතරක් නෙවේ, Pentax, Sony වගේ කැමරා වල උනත් sensors එකම quality එකකට වගේ තියෙන්නේ. අද තාක්ෂණය ඉතා දියුණුයි. nikon සහ canon අතරේ කිසිම තරඟයක් නැහැ ජපානේ නම්. ඒ දෙකටම තියෙන්නේ එකම ඉල්ලුමක්.ඔය ගොඩක් අය තමන්ට හිතෙන විදියට කියන දේවල් යථාර්තවාදී නැහැ. ඔය දෙකෙන් කොකා ගත්තත් ප්‍රශ්නයක් නැහැ ඔයාගේ කැමැත්තට. build quality එකේ තමා වෙනස්කම් තියෙන්නේ. තව විශේෂයෙන් කියන්න ඕනි, කැමරා සංසන්දනයේදී ඉතා ප්‍රවේශම් විය යුතුයි නිවැරදිම මොඩල දෙකක් තෝරා ගන්න. ඒ කියන්නේ මේ කැමරා වර්ග දෙකේම සමකාලින මොඩල දෙකකුයි සංසන්දනය කල යුත්තේ. ස්තුතියි.

buddika said...

thanks aeya

dinesh said...

Thanks

dinesh said...

එක තැනකදි ගන්න හැම photo එකකටම ExpoDisc එක පාවිච්චි කල යුතුද?
නැතිනම් එක වරක් පමනක් ExpoDisc එක පාවිච්චි කිරිමෙන් photo කිහිපයක් ගත හැකිද?

ගොඩක් ස්තුතියි අපි වගේ අදුනිකයන්ට මේ වගේ සහයොගයක් දෙන එකට....෴

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

දිනේශ්, ExpoDisc එකත් ග්‍රේ කාඩ් එක පාවිච්චි කරන විධියටමයි පාවිච්චි කරන්නේ. එකම ආලෝක තත්වයක් යටතේ එකපාරක් white balance කලාම ඇති.

Dinushka Sisirakumara said...

sthuthi oya nisa mama godak egenagaththa oyata pin