Thursday, June 30, 2011

Photos–Suma Aqualife Park in Kobe

      ඊයේ කෝබේ වල තියෙන Aqualife Park එකට ගියා ExpoDisc එකත අරගෙන. මම හොඳටම සෑහීමකට පත්වෙනවා ExpoDisc ඒකෙන් දෙන සාර්ථක White Balance එකත් එක්ක. මෙන්න ඒ පින්තුර කිහිපයක් ඔයාලටත් බලන්න. මේ පින්තුර කිසිදු ආකාරයකින් edit කරලා නැහැ. කැමරාවෙන් ගත් ආකාරයෙන්මයි.
මේ පින්තුර ගත් camera settings(EXIF) අවශ්‍යනම් Picasa තුල දකුණු පසට වන්නට ඇති "Full Detail Page" ලින්ක් එක click බලාගන්න පුළුවනි. settings දෙක තුනක් අතින් ලියල දානවට වඩා සියලුම settings බලාගත හැකි නිසා එය වඩා ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා. picasa වලට පහල ලින්ක් එකෙන් යන්න.
     Suma Aqualife Park in Kobe
      ඉහත ලින්ක් එකට ගොස් අවශ්‍ය පින්තුරය ක්ලික් කර දකුණු පස ඇති D90 කියන ලින්ක් එක click කල විට ගත හැකි සියලුම settings බලාගන්න පුළුවනි.

*මෙහි සිටින සර්පයා Giant Anaconda. වීදුරු කිහිපයක් හරහා ගන්න සිදු වූ නිසා ඉතා අපැහැදිලියි. එත් ඉතින් ඇනකොන්ඩා නිසා දැම්මා:D

All the pictures CopyRighted
Snubnose Pompano
bottleneck dolphins
Blacktip Reef Shark
eels










fish in Amazon



Seal

Penguins

Sea Otter
Jelly Fish

Turtles(special species)
Clownfish

Lionfish
Pink Anemonefish

Longhorn Cow Fish...


Giant Anaconda

ස්තුතියි.

10 comments:

සාතන් said...

ස්තූතියි මිත්‍රය... සත්තු‍න්ගෙ නම් ටිකත් දාන්න පුළුවන් කම තිබ්බනම් සෑහෙන්න වටිනව...

Unknown said...

@සාතන්
ස්තුතියි සාතන් කොමෙන්ට් එකට. ආයේ මේ වගේ දෙයක් දාද්දි නම් දැන්නම්. සමහර සත්තුන්ගේ නම් මතක නැහැ.

මුටා said...

නියමයි අයියා. පුලුවන් නම් micro Photography ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ.

Unknown said...

@මුටා
මල්ලි, Macro Photography(MP) කියලයි කියන්නේ. අපේ පියවි ඇස්වලට දකින්න බැරි ලෝකයක් MP නිසා දකින්න ලැබුණා. ඒ නිසාම MP ඉතාමත් ජනප්‍රියයි. MP වලදී Macro පින්තූර ගන්න ඒ සඳහාම නිපද වූ ලෙන්ස් තියෙනවා. ටිකක් මිලත් අධිකයි. නමුත් සාමාන්‍ය ලෙන්ස් එකක් තියෙන කෙනෙකුටත් Extension Tubes මිලදී ගෙන සාමාන්‍ය ලෙන්ස් එකක් Macro ලෙන්ස් එකක් කරගන්න පුළුවනි. Extension Tubes උනත් ලාබම නැහැ. සාමාන්‍ය ලෙන්ස් එකකට extension tubes දාපුවම ලෙන්ස් එක තුලට යන ආලෝක ප්‍රමාණය අඩුවෙන නිසා කැමරාව Tripod එකක් උඩ තබා තමයි බොහෝ විට පින්තූර ගන්න වෙන්නේ. MP වලදී සිදුවන්නේ කැමරාව ගන්න Object එක ලඟට උපරිම ලඟට ගෙන focus කිරීමයි. සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන ලෙන්ස් එහෙම Object එක ළඟටම ගන්න බැහැ focus වෙන්නේ නැති නිසා. Macro Photography, Extension Tubes ගැන එපිසොඩ්ස් ඉදිරියේදී මම කරනවා. ස්තුතියි

සාතන් said...

@Kappa1 වෙනි එකේ ඉන්නෙ Snubnose Pompano
3 වෙනි එකේ මැද Blacktip Reef Shark
පහල ඉඳන් 4 වෙනි එකේ ඉන්නෙ Longhorn Cow Fish...
ප.ඉ 6 වෙනි එකේ pink anemonefish
ප.ඉ 7 වෙනි එකේ Lionfish විශේෂයක්
ප.ඉ 9 වෙනි එකේ Clownfish

(මම දන්න තරමින් තමයි..)

Unknown said...

@සාතන්
ස්තුතියි සාතන්, මම ඒ ටික දාන්නම්.

තාරක Dilsh@n said...

එතොකොට මේ ෆොටෝස් JPEG වලින්ද shoot කලේ?

Unknown said...

@තාරක Dilsh@n
ඔව් තාරක මේ සේරම ගත්තේ JEPG වලින්.

තාරක Dilsh@n said...

වෙලාවකට හිතෙනා ඉස්සර ඉඳන් කලා වගේ JPEG වලින්ම ගත්තනම් හොඳයි කියලා. RAW වලින් ගත්තහම මුල ඉඳලම හදන්න වෙනවා.. JPEG එකේ තියෙන colours ඇත්තෙම නෑ..


මේ
මගේ පළවෙනි ෆොටෝ සෙට් එක :)

Unknown said...

@තාරක Dilsh@n
මටත් RAW edit කරන එක කරදර නිසා තමයි ExpoDisc එකකට ගියේ. කිසි කරදරයක් නැහැ. Edit කරන්න දෙයකුත් නැහැ. ඔයාගේ photos වල හොඳ composition එකක් තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමා colors එක්ක තියෙන අවුල. ගොඩක් අය photos අරන් edit කරලා තමයි දන්නේ. ඒක මහා වදයක්. අනික තමයි, පින්තුර crop කරන ඒක. crop නොකරන්න photos ගන්න නම්, සැහෙන ප්‍රමාණයක් photos අරගෙන හොඳ experience එකක් ගන්න ඕනි. ඒක නිසයි photography කරන්න නම්, හැකි තරම් photos ගන්න කියල professional photographers ල කියන්නේ. ඒක ඇත්ත. සාමාන්‍යයෙන් RAW එකක් අළු පාටට හුරුයි. හොඳට colors හදල ගන්න පුළුවනි. එත් එකින එකට හදන්න ගියාම වහ. JPEG ම try කරන්න. මොනවා හරි වැදගත් කියල හිතෙන දෙයක් ගද්දි RAW වලින් ගන්න.
thanks for the mail.