Monday, July 4, 2011

Photgraphy-ගන්නවානම් හොඳ කැමරාවක්. D7000

 

K0000151480K0000151480_0001K0000151480_0002K0000151480_0003K0000151480_0004

     අද මම කියන්න යන්නේ semi professional දැනට තිබෙන හොඳම කැමරාවක් ගැනයි. මේක තමයි Nikon D7000. ගන්න පුළුවනි නම් ඉතා අනර්ගයි. මෙම කැමරාවේ ඉහල ISO අගයන් පාවිච්චි කරන්න පුළුවනි අවම distortion එකක් එක්ක. හරිම user friendly විදියට කැමරාව design කරලා තියෙනවා. කැමරා බොඩිය මැග්නීසියම් ඇලෝයි වලින් සාදා ඇති නිසා හොඳ weatherproof තත්වයකුත් තියෙනවා. මුදලින් රුපියල් 130,000/= පමණ වෙනවා බොඩි ඒක පමණක්. HD video හැකියාව තිබෙනවා භාහිර mic එකක් සමඟ.

42 comments:

ප්‍රියංක ‍පොටෝ said...

අයියා මම ගන්න හිතන් ඉන්නවා Nikkon D 3100
කැමර් එක මට කියනවද වෘත්තීය ශිල්පියෙකුට ඒක හොදද කියලා මට වෙඩින් පොටෝ අයඩින්ටි ලයිසන් වගේ පොටෝ වලට එහෙමත් හොදද? ඒක එක්ක මම ෆෑෂර් ලයිට් මොනවගේ ඒඑද ගන්න ඕන ලංකාවෙ ඒක 75 000/= සිට ඉහලට තියනවා
බොහොම ස්තුතියි! ඔයාගෙන් අිට ලැබෙන දැනුමට

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ
මල්ලි මෙහෙමයි,D3100 කියන මොඩල ඒක Nikon ල හඳුන්වල දීල තියෙන්නේ Entry Level DSLR එකක් විදියට. සාමාන්‍ය විදියට කියනවනම්, Beginners level කැමරාවක්. ඉතින් ආධුනික මට්ටමේ කැමරාවකින් වෘතීය මට්ටමේ qualities බලාපොරොත්තු වෙන්න බැහැ.කැමරා වෘතිමය විදියට කොටස් තුනකට බෙදනවා. 1. Entry level 2.Semi-Professional 3. Professional. Professional level එකේ කැමරාවක් Rs 400,000/= වගේ මුදලක ඉඳල ඉහළටයි තියෙන්නේ. ලංකාවේ ගොඩක් අය Semi-Professional කැමරා තමයි professional විදියට පාවිච්චි කරන්නේ. අඩුම තරමින් වෘතීය මට්ටමින් පාවිච්චි කරන්න semi-professional එකක් වත් ගත්තොත් තමයි හොඳ.
කැමරා flash ගැන කිව්වොත් වෘතිමය පාවිච්චියට නම් SB-600 සිට ඉහලට එකක් තමයි හොඳ. ස්තුතියි.

ප්‍රියංක ‍පොටෝ said...

බොහොම ස්තුතියි කපිල අයියා! ඒ වගේම අපිට නොදන්න අයට කියන්න පුළුවන්ද semi-professional වල අඩුම ගණන් වලට තිබෙන කැමරා වර්ග ටිකක්(Nikon)බෑන්ඩ් වල
ස්තුතියි!

තාරක Dilsh@n said...

මගේ බජට් එකට සෙට් වුනේ D5100 එක.
ඉතිං යන්න පුලුවන් උපරිම දුර යනවා එකෙන්. :)

අන්තර්ජාලයෙන් මුදල් said...

තාරක ඔයා D 5100 ගත්තද? ඒක කීයක් වෙනවාද? ලංකාවෙ මුදලින් ඒකෙ මිල කීයද? අපිට ගන්න පුළුවන් තැනක් කියනවද?(වගකීමක් සහිතව)
ස්තුතියි!

තාරක Dilsh@n said...

මම නම් ගත්තේ
eBay
එකෙන්. මෙහෙ තියෙන මාර්කට් එකේ හැටියට නම් $1600ක් විතර ලෙන්ස් 2ත් එක්ක.
මම ගත්තේ $1300කට විතර.
Rs. 130000 ට වඩා පොඩ්ඩක් වැඩියි.

එහෙම ගන්න තැනැක්නම් දන්නෙනම් නෑ මම.

අන්තර්ජාලයෙන් මුදල් said...

D 5100 කැමර් එක Semi-professional වර්ගයේද නැත්නම් Entry level ම‍ට්ටමද දන්න කෙනෙක් මට කියවද?

තාරක Dilsh@n said...

ඒක නම් මම දන්නෙත් නෑ :D

Unknown said...

@අන්තර්ජාලයෙන් මුදල්
D5100 entry level කියල තමයි categorize කරලා තියෙන්නේ.

Unknown said...

D5100 එක D3100 එකට වඩා ගොඩක් හොඳයි. D5100 එක ලෙන්ස් දෙකත් එක්ක ජපානයේ රුපියල් 130,000ක වගේ මුදලක් වෙන්නේ. මෙහෙම දේකුත් තියෙනවා. කැමරාවක් අඩු මුදලකට අරගෙන හොඳ ලෙන්ස් ගන්න කියලා. ඒක නිසා කැමරාවක් ගන්න කලින්, කැමරා ගැන දැනුම හොඳින් තිබෙන කෙනෙක් සමග කතා කරලා, නිවැරදි කැමරාවක් ගන්න කියලයි මම කියන්නේ. හොඳ ලෙන්ස් එකක F stop ඒක 2.8 තියෙනවා නම්, හරිම ලේසියි පින්තුර ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ F2.8 ලෙන්ස් මිලෙන් අධිකයි. කෙටියෙන්ම කිව්වොත් photography කියන්නේ මිල අධික විනෝදාංශයක් හෝ වෘතියක්‌. ඒ නිසා පරිස්සමින් මුදල් වියදම් කරන්න. ගොඩක් වෙලාවට use කරපු හොඳ තත්වයේ කැමරා තිබෙනවා අඩු මුදලට.දන්නා කෙනෙකු ලවා පරික්ෂා කරගෙන ගත්තට වරදක් නැහැ. ජපානෙත් second hand කැමරා වලට හොඳ market එකක් තියෙනවා.

ප්‍රියංක ‍පොටෝ said...

කපිල අයියා ඊ ලග එපිසෝඩ් එක කරන්න කවදාද?

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ
මේ දවස්වල කරනවා මල්ලී. ඉක්මනින් දාන්නම්.

අකූ( Lahiru Yasas Akuratiyage) said...

ලොකු සල්ලියක් නම් නැහැ.ඒත් අඩුම මුදලකට ගන්න පුලුවන් DSLR entry level කැමරා මොඩල් එකක් තියෙනවනම් කියනවද?කීයක් විතර වෙය්ද?පොඩ්ඩ පොඩ්ඩ එකතු කරල තමා ගන්න ඉන්නෙ

Unknown said...

@අකූ
ඔයාගේ බජට් එක කීයද කිව්වොත් කියන්න පුලුවනි මොඩල් එකක්.සාමාන්යයෙන් entry level හොඳ කැමරා Nikon D3100, D5100 සහ පරණ මොඩල් වලින් D60,D70 හොඳයි.Canon කැමරා වලින් නම් KissX3 හෙවත් 500D, Kiss X4 හෙවත් 550D වගේ මොඩල් මිල අඩුයි. Kiss මොඩල ජපානේ තියෙන ඒවයි. Canon එකම කමරාව විවිධ රටවලට යන්නේ විවිධ මොඩල් නම් වලින්. D5100 කැමරාව ටිකක් විතර මිලෙන් ඉහලයි. මෙම සියලුම කැමරා වර්ග මම try කරල තියෙනවා. ලොකු වෙනසක් දකින්න නම් නැහැ. ඔක්කොම හොඳ කැමරා ආධුනික අයට. ඡායාරූප කරණයට ලොකු ආසාවක් තියෙනවානම්, මේ වගේ මොඩලයකින් පටන් ගත්තොත් හොඳයි කියලයි මගේ අදහස නම්.

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

‍කප්පා ගොඩක් ස්තුතියි දිග‍ටම ලියන්න... ඇත්තට ගොඩක් වටිනවා.. මම කලෙක ඉඳන් බලනවා සිංහලෙන් ලියන නිසාම කොටියක් වටිනවා... අනික තමයි මේ දාලා තියන කමේන්ට් වලින් අපිට ගොඩක් දේවල් ගන්න පුලුවන්. උදා:- (1. Entry level 2.Semi-Professional 3. Professional. Professional level) ගොඩක් අය නොකියට නොබලන පැත්තක්.. නැවත වරක් මම කියනවා ජයවේවා ඔබට....!!

Unknown said...

@Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව
ස්තුතියි දිල්නුවන්.

ප්‍රියංක ‍පොටෝ said...

කපිල අයියා ඔයා කියන්නේ d3100 කැමරාවකට හොද තත්වයේ lense(f2.8) ‍පාවිච්චි කරනවා නම් d 90 කැමරාවක තරම් පොටෝ කොලිටි කර ගන්න පුළුවන් කියන එකද?

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ
එහෙමම කියන්න බැහැ මල්ලී. 3100 ඒකෙන් හැකි උපරිම image quality එකක් ගන්නයි සාමාන්‍ය Kit lenses නැතිව high quality lens එකක් පාවිච්චි කරොත් හොඳයි කීවේ. picture quality එක ගැන කිව්වොත් D90 එකේ 73% වෙනකොට D3100 එකේ 67% වගේ quality එකකුයි තියෙන්නේ. D3100 එක D90 එකට වඩා video පැත්තෙන් දියුණුයි. අනික තමයි D3100 එකේ ඉහල ISO ප්‍රමාණයන් පාවිච්චි කරද්දි Grain වැඩියෙන් එනවා D90 එකට වඩා. තවත් විවිධ දේවල් තියෙනවා. D90 එකේ viewfinder එකෙන් අපි ගන්න පින්තුරයෙන් 96% ක ප්‍රමාණයක් පෙනෙනකොට D3100 එකෙන් 95% කට අඩුවෙලා තියෙනවා. මම දැකලා තියෙනවා D3100 වගේ මොඩල වලින් wedding පින්තුර අරගෙන album හදපුව. පින්තුර බලපුවම පෙනෙනවා picture quality එක මදි කියල මොකද ඒවා photoshop දාලා edit කරපුවම තවත් quality එක අඩුවෙන නිසා. wedding photography වගේ කරන්න නම් අඩුම තරමින් D90 වගේ ඉඳල ඉහලට තමයි හොඳ. හැබැයි Kit lenses නම් කොහොමටවත් හොඳ නැහැ professional වැඩ වලට. සාමාන්‍ය photography වලට තමයි හොඳ.

ප්‍රියංක ‍පොටෝ said...

ගොඩාක්ම ස්තුතියි කපිල අයියා තේරැම් කළාට ඔයා මට අවශ්‍ය මොනවද කියලා හරියටම අනුමාන කරලා ලස්සනට වෙනස සන්සන්දනය කරලා තෝරලා දීලා තියනවා තවත් දෙයක් පොටෝ ගනිද්දී පාවිච්චි කරන ලයිට්(Pro light)වල වැදගත්කම ගැන නම් මම කාලයක ඉදලා හොයනවා ඒවා වෙනුවට අලුතින් විකල්ප ක්‍රම තිබෙනවාද කියලත් මම හොයනවා කැමරා ෆ්ලෑස් එකකින් මේක කරන්න බැරිද කියන එකත් මට ගැටලුවක්
ස්තුතියි!

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ
මල්ලී, lighting කියන්නේ ටිකක් සංකීර්ණයි. ඔහේ දැන්නං වාලේ ලයිට් එහෙ මෙහෙ දාගෙන කරන එකනම් එච්චරම සාර්ථක නැහැ. ලයිටින් වලදී නිවැරදිම angle එකට ෆ්ලෑෂ් ලයිට් දැම්මොත් තමයි නියම quality එකක් පින්තුරයට එන්නේ. ලයිටින් ටිකක් සංකීර්ණ නිසා මගේ ළඟ pro light තාම නැහැ. ෆ්ලෑෂ් වලින් ඉතා ඉහල ලස්සන පින්තුර ගන්න පුළුවනි.professional photography වලදී සමහර photographersල ෆ්ලෑෂ් ලයිට් 5-10 දාගෙන පින්තුර ගන්නවා. ෆ්ලෑෂ් ලයිට් වලින් කරන්න පුළුවන් වැඩ බොහෝමයි.

ප්‍රියංක ‍පොටෝ said...

බොහොම ස්තුතියි කපිල අයියා!

buddika said...
This comment has been removed by the author.
buddika said...

canon 5dmark2 cam eka body eka wetarak keyak waeda aeya

Unknown said...

@Buddhika
ඒක මල්ලි Rs 265,000ක් වගේ ජපානෙ.

buddika said...

thanks aeya. etakota nikon f100 cam ekamona wargayata ayat wana ekakda eka Professional level cam ekakda

Unknown said...

@buddika
මල්ලී මැනුවල් කැමරා නම් මම පාවිච්චි කරලා නැහැ. එත් F100 එක ගැන reviews කිහිපයක් බැලුව.pro level එකට ගැලපෙන කැමරාවක් කියල නම් කියනවා. specification එක බලපුවනම් හොඳයි වැඩක් කරගන්න. ඒ වගේම මේ කැමරාව ටිකක් මිල අධිකයි. Rs 175,000 ක් වගේ. මේ කැමරාවට මමත් කැමතියි. ස්තුතියි කොමෙන්ට්ස් වලට.

ප්‍රියංක ‍පොටෝ said...

කපිල අයියා අපිට ඹය‍ාගේ දැනුම වටිනවා ඒවා සල්ලි වලට ගන්න බැහැ මොකද ඹයාගේ දැනුම වාණිජ පරමාර්ථයෙන් තොරවයි අපිට ලැබුනෙ ඒ වගේ දැනුමක් ආයෙමත් ලබා ගන්න වෙන කෙනෙක් අපිට අන්තර්ජාලයේ නැහැ මම හුග දවසකින් අද නෙට් එකේ ලොග් උනේ මට ගෙදර ඉන්න ලැබුණෙ නැ පසුගිය මාසේ පුරාවටම ඒ හින්දා මම හරිම ආසාවෙන් නෙට් එකට ලොග් උන ගමන්ම බැලුවේ ඹය‍ාගේ සයිට් එක අනේ ඇයි මම හිතුවේ එපිසෝඩ් 10 ක් විතර අලුතින් අපිට බලා ගන්න ඇති කියලා එ්ත් පසුගිය මාස 2 කටම ඹයා එකක් වත් කරලා නෑනෙ ඹය‍ාට මොනව හරි ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා මට හිතෙනවා ඒත් අපි දැන ගන්න කැමතියි ඒ ගැන
මීට සොවින් තැවෙන මබේ පාඨකයෙක්

ප්‍රියංක ‍පොටෝ said...

කපිල අයියා දැන් මාකට් එකේ තියෙන හොදම සෙමි පොරොපසනල් DSLR එක මොකක්ද කියලා මට කියනවද?

Unknown said...

මල්ලි, දැනට තියෙන එක තමයි Nikon D7000 එක. මමත් ඊයේ ගත්තා. උපරිමයෙන්ම හොඳයි.

chathura ravin said...

කපිල අයියේ !!!
රු 40,000 කට විතර ගන්න පුළුවන් හොඳම කැමරාවක් කියනවද?

Ravin said...

කපිල අයියේ,
රු 40,000 කට විතර ගන්න පුළුවන් හොඳ කැමරාවක් කියනවද???

Ravin said...

කපිල අයියේ,
රු 40,000 කට විතර ගන්න පුළුවන් හොඳ කැමරාවක් කියනවද?

Kasun Tharaka said...

හිතවත් කපිල,

ගොඩක් වැදගත් Blog එකක්.. බොහෝම ස්තූතියි මේ විස්තර පළ කරනවට මොකද සිංහලේන් මේ විස්තර හොයාගන්න බොහොම අමාරුයි.

මම දැනගන්න කැමතියි Nikon and Canon කැමරා අතර ඔයා දකින මොකක් හරි සැළකිය යුතු විශේෂත්වයක් තියනවද කියල. මොකද සමහර අය Nikon වලට කැමති වන කොට තවත් සමහරු Canon ඉතා බරපතල විදිහට recommend කරනවා.

ඇත්තටම මොන වගේ කාරනාද ඔයා මේ වර්ග 02න් එකක් තොරාගැනීමේදි බලන්නෙ? මොකද ඔයා D7000 එකක් ගනිද්දි ඒ හා සමාන Canon කැමරා වල දුටු අඩුපාඩු මොනවද?

ස්තූතියි !
කසුන්

Unknown said...

@Kasun Tharaka හිතවත් කසුන්, ඔයා ප්‍රශ්නය අහන්න ඕනි නියම විදියෙන්ම අහල තියෙන නිසා මට උත්තරයක්‌ දෙන්න ගොඩක් ලෙහෙසියි.ගොඩක් අය පොරකන්නේ තමන්ගේ කැමරාවේ බ්‍රෑන්ඩ් එක අනිකකට වඩා හොඳයි කියන්නයි මම ගොඩක් දැකලා තියෙන්නේ.ගොඩක් ජනප්‍රිය කැමරා බ්‍රෑන්ඩ් වර්ග හැම එකක්ම හොඳයි. එකකට වඩා අනික හොඳයි කියල කියන්න බැහැ.මම කිසිම කෙනෙකුට කැමරා බ්‍රෑන්ඩ් එකක් recommend කරන්න කැමති නැහැ. හේතුව හැම බ්‍රෑන්ඩ් එකක්ම හොඳ නිසා. මම අනිත් අයටත් කියන්නේ කැමරා බ්‍රෑන්ඩ් recommendation පිලි ගන්න එපා. internet තියෙනවා දැන් හැම කෙනාටම. හරිම ලෙහෙසියි කැමරා reviews බලන්න.මම Nikon D7000 එක ගන්නකොට canon 60D කියන model එකත් release කරා. මම compare කලේ මේ වර්ග දෙක විතරයි. මෑතකදීම release කරපු කැමරා වර්ග දෙක Nikon D800 සහ Canon 5D Mark 3. කැමරාවක් ගන්නකොට Brand comparision එකක් කරන්න ඕනිනම්, සමකාලින brands දෙකක්මයි සංසන්දනය කල යුත්තේ. එසේ කර වඩා ලෙහෙසි, facilities වැඩි කැමරාව කුමන brand එක හෝ තෝරා ගත යුතුයි. මේ කාලයේ ජනප්‍රියම brands නම්, Nikon, Canon, Sony, Pentax, Olympus වගේ ඒවයි. මේ අතරින් Nikon සහ Canon ඉදිරියෙන්ම සිටින බව ඇත්තක් කියල මම ජපානයේ හැම තැනම ඇවිදිද්දී දකිනවා. ඉතින් මම D7000 එක ගනිද්දී Canon 60D එකත් එක්ක සංසන්දනය කළා. මේ වර්ග දෙකම shop එකට ගිහිල්ල operate කරලා බැලුව. internet එකෙත් ගොඩක් බැලුව. ඒ දෙකෙන් අවසානයේ 60D එකට වඩා D7000 එක ගොඩක් ඉදිරියෙන් බව දැනගත්තා. ඔයා අහල තියෙන විදියට "අඩුපාඩු" මොනවද කියල මෙහෙම කියන්නම්. D7000 එක 60D එකට වඩා හොඳ ඇයි කිව්වොත් මෙහෙමයි, Image quality එක වැඩියි, Dynamic Range එක වැඩියි, Color depth එක වැඩියි, High ISO වලදී noise එක අඩුයි, weather sealed එකක් තියෙනවා, Focus points ප්‍රමාණය වැඩියි, Video auto focus තියෙනවා, Viewfinder coverage එක 100%යි සහ එය විශාලයි. memory card slots 2යි, fps(frames per second) වැඩියි, විශේෂයෙන්ම sensor එක ටිකක් විශාලයි, කැමරාවේ තිබෙන buttons layout එක මට පහසුයි දැනුනා, සහ තවත් දේවල්. 60D එකේ හොඳ කිව්වොත් මෙහෙමයි, flip-out screen එකක් තිබෙනවා(පෞද්ගලිකව මගේ එතරම් කැමැත්තක් නැහැ මොකද ඒක නිතර කරකවද්දී රිබන් එකට හානි වෙන්න බැරි නැහැ.),LCD screen එකේ resolution එක වැඩියි(LCD screen එක පින්තුරවලට අදාළ නොවන නිසාත්, ගන්න පින්තුර LCD එක දිහා බලල තීරණය කරන්න බැරි නිසාත් මට ඒක වැදගත් නැහැ.),මෙගා පික්සල් ප්‍රමාණය 1.1 කින් වැඩියි(17.9 MP සහ 16.1 MP අතර ලොකු වෙනසක් මම සැලකුවේ නැහැ.), බැටරිය එක charge එකකින් වැඩිපුර පින්තුර 50ක් ගන්න පුළුවනි(එතනත් shots 1100 සහ 1050ක් අතර ලොකු වෙනසක් නැහැ.), මුදලින් ටිකක් ලාබයි(ඩොලර් 347ක් පමණ ඒ මුදලට සාපේක්ෂකව D7000 එක වටිනවා තිබෙන functions වැඩි නිසා). හැබැයි මට 60D එක D7000 එකට වඩා හොඳ උනානම් මම ගන්නේ Canon එක. ඒක නිසා බ්‍රෑන්ඩ් මත කැමරා තීරණය කරන එක එතරම් නුවනට හුරු නැහැ කියලයි මගේ අදහස. මේ විස්තරය පැහැදිලි ඇතැයි කියල හිතනවා. ප්‍රශ්නයක් ඇතොත් අහන්න. ස්තුතියි.

Unknown said...

@Ravi
මල්ලි, 40,000 කට ගන්න පුළුවන් කැමරා වර්ග ගොඩක් තිබෙනවා. පොඩ්ඩක් reviews බලල හොඳ එකක් තෝරා ගන්න එක තමයි හොඳම දේ. මට කෙලින්ම මේක ගන්න කියල කියන්න අපහසුයි මොකද ඒ ගානට ගන්න පුළුවන් විවිද කැමරා වර්ග, brands තියෙනවා. ස්තුතියි.

Unknown said...

මට දැනගන්න පුළුවන් ද Nikon coolpix 510 සහ Canon Powershot sx50hs මේ දෙකෙන් වඩාත් හොඳ කැමරාව කුමක්ද කියල?

Unknown said...

@Madura prasanga powershot එකේ video recording ටිකක් advanced. higher speed(240fps) video කරන්න පුළුවනි. නමුත් පින්තුර ගන්න නම් මේ දෙකේම හොඳ දේවල් තියෙනවා. nikon එකේ හොඳ පැත්තනම්,HDR, wide aperture, panorama, gps, fast shooting, 3D photos වගේ දේවල්. canon එකේ හොඳ පැත්තනම්, zoom එක වැඩියි, 24p movie, RAW, higher speed movies, external flash, better macro වගේ දේවල්. ඉතින් ඔයාගේ target එකට ගැලපෙන එක තෝරාගන්න එක තමයි හොඳ.

Unknown said...

ඔබතුමාගේ අදහස් දැක්වීම පිළිබඳව ගොඩක් සිතුතියි... කරුණාකර මට කියන්න පුළුවන් ද කුරුල්ලන් ඡායාරූප ගත කරන්න Nature photography වගේ දේවල් වලට මේ කැමරා වර්ග දෙකෙන් Nikon coolpix 510 සහ Canon Powershot sx50hs කොයි එකද වඩාත් ගැනපෙන්නෙ...?

Unknown said...

මට අවශ්‍ය කුරුල්ලො nature photography වගේ දේවල් වලට Nikon coolpix 510 සහ Canon Powershot sx50hs මේ දෙකෙන් මොදක්ද වඩාත් හොඳ? Nikon coolpix 510 එකට extranal flash එකක් ගහන්න පුළුවන් ද?

Unknown said...

මට අවශ්‍ය කුරුල්ලො nature photography වගේ දේවල් වලට Nikon coolpix 510 සහ Canon Powershot sx50hs මේ දෙකෙන් මොදක්ද වඩාත් හොඳ? Nikon coolpix 510 එකට extranal flash එකක් ගහන්න පුළුවන් ද?

Unknown said...

මම නිකොන් D90 සහ Sony fs100 කැමරා යුස් කරන කෙනෙක්. .
මම දැන ගන්න කැමතියි නිවැරදිව කැමරාවක් නිවසේදී පිරිසිදු කරගන්නා ආකාරය.
විශේෂයෙන්ම දුහුවිලි සහිත පරිසරයක රුගත කිරීම් වලින් පසුව

Unknown said...

කපිල අයියේ,
රු 80,000 කට විතර ගන්න පුළුවන් හොඳ කැමරාවක් කියනවද?