Monday, November 19, 2012

Digital Photography – in Kyoto, Japan.

අදත් සුළු නිවාඩුවක් ලැබිල ගිය photo shoot එකකට. මෙම පින්තුර ගත්ත ස්ථානය(Nagaoyakyo) ඉතිහාසයේ ජපානයේ අගනුවරක් විදියට තිබිලා තියෙන්නේ. Kyoto කියන්නේ ජපානයේ ලස්සනම පළාත කියල බොහෝ දෙනා කියනවා. දිනකට පැමිණෙන සංචාරකයින් ගණන ගැනල ඉවරකරන්න බැහැ. ඔයගොල්ලත් දකින්න කැමති ඇති කියල post එකක් දැම්ම.
gears used,
# Nikon D7000
# Sigma APO 70-200mm f2.8 EX DG OS
# Tamron 17-50mm f2.8 VC

8 comments:

ප්‍රියංක ‍පොටෝ said...

කපිල අයියා ලංකාවේ තියෙන නිකන් d7000 කැම් එකේ පොටෝ ඔය තරම් කොලිටි නෑ කිව්වොත් ඔයා ඒකට එකග වෙනවාද? මොකද මම දැකලා තියෙනවා ඒ හින්දයි මම කියන්නේ ලංකාවේ තියෙන හැම නිකන් කෑම් එකක්ම made in Thailand(d 90 & D7000 etc...)පොටෝ ටෙක්නිකාලා ගාව පවා Made in japan බඩු නෑනේ...

කොහොම උනත් මේක ඔයාගේ ඡායාරූපකරණයේ දක්ෂතාව කියලත් සමහර අය නම් කියනවා.....

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ මල්ලි Nikon D90/7000 හදන්නේ Thailand factory එකේ. ජපානේ විකුනන්න තියෙන්නෙත් made in Thailand ඒවා තමයි. මගේ එකත් made in Thailand. කොහේ හැදුවත් Nikon නම් quality එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ කැමරාවේ නෙවේ. ලෙන්ස් වල.kit lenses කියන්නේ quality එක බොහොම අඩු ලෙන්ස්. මම kit lens පාවිච්චි කරන්නේ නැහැ. කව්රු හැදුවත් kit lens නම් වැඩක් කරගන්න අපහසුයි. අඩුම තරමින් semi pro ලෙන්ස් එකක් වත් ගන්න පුලුවනිනම් හොඳයි. මම පාවිච්චි කරන්නේ Sigma APO 70-200mm f2.8 EX DG OS සහ Tamron 17-50mm f2.8 VC XR Di ll LD කියන ලෙන්ස් දෙක. අනික jpeg මම shoot කරන්නේ නැහැ. අන්තිමටම ඉතින් composition එක තමයි හොඳ පින්තුරයකට බලපාන්නේ. ඉදිරියේදී මේ ගැන episodes කරන්න බලාගෙන ඉන්නවා.

ප්‍රියංක ‍පොටෝ said...

බොහොම ස්තුතියි! ඔයා තමා මම හිතන විදියට මගේ කැමරා ගුරුවරයා ස්තුතියි කපිල අයියා මට ප්‍රශ්න ටිකක් තියෙනවා
01.ඔය කිට් ලෙන්ස් සහ semi propositional ලෙන්ස් අතර ප්‍රධාන වෙනස් කම් මොනවාද
02.Nikkon 18-105 VR කියන ලෙන්ස් එකත් කිට් ලෙන්ස් ද
03.Nikkon D 90 කැමරාවකට ගැළපෙන අඩුම මිළ සහිත සෙමි පොපෙෂනල් ලෙන්ස් වර්ග මොනවාද

ප්‍රියංක ‍පොටෝ said...

Nikon D 90 සදහා භාවිතා කළ හැකි අඩුම මිළ Semi prpo ලෙන්ස් ගැන මට කියනවද කපිල අයියා ඔයාගේ මෙම බ්ලොග් අඩවිය නිසා තමා අද මම යම් තරමක හෝ හොද දැනුමක ඉන්නේ ඔයාට පින් කපිල අයියා!

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ
01.ඔය කිට් ලෙන්ස් සහ semi propositional ලෙන්ස් අතර ප්‍රධාන වෙනස් කම් මොනවාද:
# glass වල quality එක සහ නවීන galss තාක්ෂනය, නවීන lens නිෂ්පාදනයේ උපක්‍රම,දැරිය හැකි මිල පරාසය වැනි දේවල් තමයි.
02.Nikkon 18-105 VR කියන ලෙන්ස් එකත් කිට් ලෙන්ස් ද:
# ඔව්
03.Nikkon D 90 කැමරාවකට ගැළපෙන අඩුම මිළ සහිත සෙමි පොපෙෂනල් ලෙන්ස් වර්ග මොනවාද:
# D90 වලටම කියල එකක් කියන්න බැහැ. Crop sensor body සඳහා නිෂ්පාදනය කරන, fixed aperture එකක් තියෙන, හොඳ ලෙන්ස් විදුරු වලින් නිෂ්පාදනය කරන ලෙන්ස් semi pro හෝ pro තත්වයේ තියෙනවා. ප්‍රධානම වෙනස මිලයි. තමන්ගේ අවශ්‍ය තාවය මුලින්ම අඳුනගෙන, අවශ්‍ය focal length එකක් සහිත ලෙන්ස් එකක් තොරාගත්තනම් හරි. nikkor,sigma,tamron,tokina වැනි ජනප්‍රිය ලෙන්ස් නිෂ්පාදනය කරන සමාගම් විවිධ මිල ගණන යටතේ නිෂ්පාදනය කරනවා. එකම specifications තියෙන ලෙන්ස් විවිධ සමාගම් වල විවිධ මිල ගණන වලටයි විකුනන්නේ.

Madhawa Habarakada said...

ෆොටෝ ටික පට්ට ලස්සනයි අප්පා. :)

Unknown said...

@Madhawa Habarakada Thankx dear :D