Sunday, December 23, 2012

Digital Photography- Photo shoot in Arashiyama

මේ දවස්වල කියෝතෝවේ අරශියමා කියන ප්‍රදේශයේ රාත්‍රියට ආලෝකමත් කරලා ගොඩක් ලස්සනයි. මමත් සුපුරුදු පරිදි බදු ටිකත් අරගෙන පැද්දා බයිසිකලේ. D7000 කැමරාවේ ISO handling ගැන මම ගොඩක් සෑහීමකට පත් වෙනවා. මේ වගේ රාත්‍රී පින්තුර ගන්නකොට ISO එන්නේ හරියට දෙවිකෙනෙක් වගේ. ගොඩක් දෙනෙක් කැමරා මිලදී ගන්නකොට අඩුවෙන්ම සලකන දෙයක් තමයි ISO. ඔයගොල්ලන්ටත් බලාගන්න එක්ක post එකක් දැම්මා. ස්තුතියි.

Gears used,

Nikon D7000, Tamron 17-50mm f2.8 VC, Sigma 70-200 f2.8 OS

5 comments:

මිහිරි.... said...

මොනවද පාවිච්චි කරපු ISO Settings මමත් Nikon D7000 එකක් ගත්ත ලගදි.එත් මට නම් phots ගැන එච්චර පැහැදීමක් නැහැ.සමහරවිට මම photograpy වලට අලුත් නිසා තාම හරියට photo ගන්න දන්නෙ නැති නිසා වෙන්න ඇති. මගෙ ලග තියෙන්නෙ 18-105 ලෙනස් එකක් සහ 50-300 ලෙන්ස් එකක්.‍රැට ගන්න photo නම් හෙනම අවුල්.පහුගිය දවසක මම internet එකේ දැක්ක මේ model එකේ focasing අවුල් කියල.ඒක ඇත්තද?

Unknown said...

@මිහිරි.... මිහිරි, සමහර වෙලාවට මම ISO 6400, 3200 ෆොටෝ ගත්ත. මෙතන තියෙන ගොඩක්ම ෆොටෝස් ISO 800 වලට එහා. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ කැමරාවේ නෙවේ. D7000 කියන්නේ ඉතාම හොඳ කැමරාවක්. නමුත් ඔයාගේ ලෙන්ස් kit ලෙන්ස්. ඇත්තටම කියනවනම් professional photographers ල kit lens වලට කියන්නේ crap කියල. quality එක අන්තිමයි. අනික f3.5 ලෙන්ස් වලින් රැට ෆොටෝස් ගන්නම බැරි තරම්. කැමරාව හොඳටම slow වෙනවා. ඔයාට තියෙන හොඳම දේ තමයි ඔය ලෙන්ස් දෙකම නැතිව හොඳ අඩුම තරමින් semi pro f2.8 මොකක්හරි ලෙන්ස් එකක් අරගන්න. ඔයා බලාපොරොත්තු වෙන වැඩේ කරගන්න පුළුවනි. හොඳ පින්තුර ගන්න අදකාලේ තියෙන D3200 කැමරාව උනත් හොඳයි. අනික ඔයා හරියට කැමරාව පාවිච්චි කරන හැටි දැනගත්තේ නැතිනම් මොන ලෙන්ස් එක දැම්මත් හරි යන්නෙත් නැහැ.ඔයාගේ කැමරාව හොඳයි. ප්‍රශ්නේ ලෙන්ස්. :(

කළුවර හීනය said...

ඇත්තටම හුඟක් රස වින්දා

Unknown said...

අපේ අක්කා ඉන්නේ ජපානයේ.මන් එයාට කියල D7100 එකක් ගෙන්න ගන්න හිතන් ඉන්නවා.
මට ඒකෙ මිල සහ ඒකට ගැලපෙන ලෙන්ස් වර්ග වල නම් සහ ඒවායේ මිල සදහන් කරන්න පුලුවන්ද? ආහ්හ් ඒවා ගන්න හොද කඩයකුත් කියන්න පුළුවනි නම් ලොකු උදව්වක්.

Unknown said...

D7100 එකේ මිළ ගණන් නම් මතකයෙ නැහැ. කොහොමටත් බොඩි එක ලක්ෂයකට අඩුයි. ලෙන්ස් එකක් කිට් වගේ අඩුමිල එකක් නම් නිකොන් 18-300,ටැමරන් 18-200 වගේ හොඳයි. නැතිනම් කැමරා කිට් එකම ගන්න පුලුව.බොඩි එකයි ලෙන්ස් දෙකයි. යොදොබෂිකැමරා ෂොප් එක ගොඩක් ජනප්‍රියයි. හැබැයි ඔන්ලයින් ගන්න පුලුවනිනම් තවත් ගාණ අඩුයි