නිවැරදිව පින්තූර ගනිමු. part 1
ඡායාරුප කලාවේ නිවැරදිව පින්තුරයක් ගන්නා ආකාරය ගොඩක් දෙනෙක් නොදන්නා කාරණයක්. තමන්ට හිතෙන හිතෙන විදියට වඩා කලාත්මක බවකින් යුත් පින්තූර ගන්නේ කොහොමද කියන්නයි එපිසෝඩ් 05 සහ තවත් එපිසෝඩ් කිහිපයක් වෙන් කරන්න සිතුවේ. මෙය ඉන් පළමු වන්නැයි. කොමෙන්ට්ස් කිහිපයක් පමණක් ලැබුනත් ගොඩක් හිට්ස් තියෙන නිසා ගොඩක් දෙනෙක් නරඹන බවක් පෙනෙනවා. හැකිනම් මෙය ඔබට ප්‍රයෝජනවත්ද හෝ ප්‍රයෝජනවත් නම් ඒ කෙසේද කියා කොමෙන්ට් එකක් දාන්න පුළුවනි නම්, ඒක ලොකු උදව්වක් මීළඟ එපිසෝඩ් සෑදීම සඳහා.
ඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

13 comments:
あなたは非常に感謝
@Udaya.lukありがとう
හොදයි තව ඩුරට කරන්න ශක්තිය ලැබෙවා........................
ඇත්තටම මට ජායාරූප කලාව ගැන හරි වැටහීමක් තිබුනේ නෑ,,,මම ඔයාගෙන් තමා මේ ගැන ඉගෙන ගන්නෙත්,,ඉගෙන ගන්න ආසාවක් ආවෙත් මේ බ්ලොග් එක දැකලා...ගොඩක් ස්තූතී මේ වැඩේට,,ඒ වගේම මේක දිගටම ගෙනියන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා
මම පුංචි ආරාධනාවක් කරන්නම් අයියා ඔයාට බැරිද
ලංකාවේ අපිට කැමරා සහ උපාංග ලබා දෙන්න
ව්‍යාපාරයක් අරඹන්න(ලංකාවට ඇවිල්ලා පස්සේ කාලයකදි හරි)වටිනවා ලංකාවෙ අයට ඒක
ස්තුතියි!
අද තමයි මේ පැත්තට ආවේ.. මාත් ලඟදි DSLR 1ක් ගත්තා. මුල ඉඳලම ඉගෙන ගන්න ඕනේ. අනිද්දයින් පස්සේ(පොඩ් විභාගයක් ඒකයි) ඔක්කොම ටික කියවන්න පටන් ගන්නම්. දිගටම කරන් යන්න ජය!
මෙච්චර කාලයක් බැලුවා මොකටද මේ ඩ්ජිටල් කැමරා ටල Grid කියල එකක් තියෙන්නේ කියලා.. :D
මේක මුල ඉඳල එන අපි වගේ අයට ගොඩක් වැදගත් දිගටම කරගෙන යන්න..
මගෙ කැමරා එකේ Grid එක 4/4 ට තියෙන්නේ එතොකොට එකක මැදට අල්ලලා තමයි ගන්න වෙන්නේ නේද?
@sri lankan internet
ස්තුතියි sri lankan internet :D
@ItalyDilan
ස්තුතියි ItalyDilan. ඇත්තටම මට වෙලාව අඩු නිසයි නිතර එපිසෝඩ් දන්නා අපහසු.මොකද video edit වලට කාලය ගොඩක් යන නිසා. එත් කොහොමටත් මාසෙකට එපිසෝඩ් 3-4ක් වත් කරන්න උත්සහ කරනවා.
@ප්‍රියංක පොටෝ
මල්ලි ඔයාගේ ඉල්ලීමට ගොඩක් ස්තුතියි. කැමරා උපාංග ව්‍යාපාරයක් විදියට කරන්න නම් අදහසක් නැහැ මොකද මම මෙහෙ ඉන්න නිසා. මට මේ විදියට උදව් කරන්න පුළුවනි. මම අවුරුද්දකට වතාවක් ලංකාවට එන නිසා ඒ එන ගමන් මට දෙයක් ගෙනත් දෙන්න පුළුවනි. ස්තුතියි කොමෙන්ට් එකට.
@තාරක Dilsh@n
ගොඩක් ස්තුතියි කොමෙන්ට් වලට. කැමරාවක grid එකක් ප්‍රයෝජනවත් වෙනවා වැඩ කිහිපයකටම. rule of third(ROF) එක සහ පින්තුරයක් නිවැරදිව align කරගන්න වගේ දේවල් වලට. 4/4 සමහර කැමරා වල grid එක තියෙන්නේ.මගේ D90 එකෙත් එහෙමයි. 4/4 නිසා ROF එක නිවැරදිව දැනගන්න මේ විදියට කරන්න. සුදුපාට කොලයක් අරගෙන(ඔයාගේ කැමරාවේ picture size එකට සාපේක්ෂව විශාල ප්‍රමාණයේ) එක උස් අතට සහ දික් අතට කොටස් තුන බැගින් බෙදල පැහැදිලිව පණකින් ඇඳගන්න. ඊ ලඟට කැමරාව අරන් අර කොලේට focus කරලා ඔයාගේ 4/4 grid එකේ මොන මොන තැන් වලද ROF එකේ විදිට එකෙනෙක ඉරි කැපෙන්නේ කියල මතක තියාගන්න. ටික දවසක් පුරුදු උනාම කෙලින් ROF විදියට පින්තුර ගැනෙනවා හිතන්නේ නැතිවම. ස්තුතියි.
බොහොම ස්තූතියි, මම කරල බලන්නම්..
මගෙ තියෙන්නෙත් Nikon ම තමයි
Godak watina wedak!!!
Post a Comment