Saturday, June 25, 2011

Photography-Episode 06

නිවැරදිව ලෙන්ස් එක පිරිසිදු කරගනිමු

ගොඩක් අය නිවැරදිව ලෙන්ස් එකක් පිරිසිදු කරගන්නේ කොහොමද කියල එපිසෝඩ් එකක් කරන්න කියල කරපු ඉල්ලීමට මෙම එපිසෝඩ් එක කළා. නිවාඩුවක් ලැබුණු නිසා එපිසෝඩ් එක කරන්න පුළුවන් උනා. ප්‍රශ්න ඇතොත් අහන්න. කොමෙන්ට්ස් මගින් ඔබ මාව තවත් ධෛර්යමත් කරනවා. ස්තුතියි.
නිවැරදිව ලෙන්ස් එක පිරිසිදු කරගනිමු.

15 comments:

Anonymous said...

කප්පාගෙ blog එක සිංහලෙන් කියවන අයට විතරක් නෙමේ එපිසෝඩ් විදියෙන් අහන්න දකින්නත් දාලා තියනවා හරි අපූරුයි. ඔබට ජය වේවා!

Unknown said...

@arunishapiro
ස්තුතියි කොමෙන්ට් එකට.

ItalyDilan said...

ඔන්න මමත් මෙහෙ ආවා

Unknown said...

@ItalyDilan
welcome :D

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

නියමයි...! ඉදිරිය‍ට යන්න තව තවත් ලියන්න ජයෙන් ජය....!!

Unknown said...

@Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව
ගොඩක් ස්තුතියි

Indranatha Thenuwara said...

බොහෝම හොඳ උත්සාහයක් කපිල. මෙවැනි සද් කාර්යයන් කිරීම අතා ම අගය කරනව.
එක ගැටලුවක් මතු උනා මට මේ ලෙන්ස් ක්ලීනින් සම්බන්ධ ව. ඒක ජපානයේ දී එතරම් වැදගත් නොවුනත්, ලංකාවෙදිනම් ගොඩක් වැදගත් කියලයි මම හිතන්නෙ.
ලංකාවෙ දූවිලි අධික නිසා ම, කාචයක් උඩ අතට තියල පිස දමන්නේ නැහැ. කාචයේ මුහුණත බිම දෙසට හරවල, තද සුළං පහරක් විදල, එසේ ම පහළට තිබෙද්දී තමයි ලෙන්ස් ටිෂූ හෝ මයික්‍රෝ ෆයිබර් රෙද්දෙන් පිස දැමිය යුත්තේ..
නැතිනම් දූවිලි අංශුවක් උනත් වැලි කඩදාසියක් වගේ ක්‍රියා කරන්න පුලුවනි.
ඒ වගේ ම මතක තබා ගත යුතු තව දෙයක් තමා, ටිෂු හෝ රෙදි කැබැල්ල හෝ අල්ලන්නට පෙර අත් දෙක සබන් ගා හොඳින් සෝදා ගැනීම. නැතිනම් අපේ අත්වල ති‍බෙන දාඩිය සහ තෙල් අපූරුවට කාචය මත ගෑවෙන්නට පුලුවන් නිසා..
මේ කපිල මා දන්නා ක්‍රමවේදය..!

Unknown said...

ගොඩක් ස්තුතියි ඉන්ද්‍රනාත මහතා. ඔබේ කතාව හරියටම හරි. මම මෙහේ විදියට තමයි ඒක කලේ. මම මෙහේ කැමරාව අරන් දවසක් ඇවිද්දත් දූවිලි බින්දු දෙක තුනක් වගේ තමා තිබුනොත්. ඒත් ලංකාවේ වෙනස්.දැනුමේ පරාසය පුළුල් කරගන්න දුන් උපදේශයට මගේ තුති. ස්තුතියි.

Unknown said...

බොහොම ස්තුතියි කපිල. ඉතා හොද වැඩක්.ඔයාගේ blog 1 බලන්න කලින් මං ගත්ත lens pen කියලා 1ක් තියනවා. ඒක පාවිච්ච් කරන 1 හොදද කියල කියන්න පුළුවන්ද? ඔබට ජය!

Unknown said...

@Mithila Jayasundara කිසිම ප්‍රශ්නයක් නැහැ මිතිල. ලෙන්ස් පෙන් එක පිරිසිදු කරන්න ඉතාම හොඳයි. ඇත්තටම මම නම් ඔය එක දෙයක්වත් කරන්නේ නැහැ. කටින් ලෙන්ස් එකට පිඹල(HOT AIR) මයික්‍රෝ ෆෛබර් රෙදි කෑල්ලකින් පිහල දානවා. මොකද ලෙන්ස් වලට protective filter එකක් තියෙන නිසා ලෙන්ස් එකට damage එකක් වෙන්නේ නැහැ. නමුත් ගොඩක් අය කැමතියි පිළිවෙලකට පියවරෙන් පියවර පිරිසිදු කරන්න. නමුත් photography කරන අයට එහෙම කර කර ඉන්න කාලයක් නැහැ. නමුත් ඇඳගෙන ඉන්න tshirt එකකින් නම් පිහිනන එපා අපේ ඇඟේ තියෙන තෙල් ලෙන්ස් එකේ ගෑ උනාම යවන්න ඉහත වීඩියෝවේ කියල තියෙන විදිය කරන්නම වෙනවා. thanks dear.

Unknown said...

mata kiyanawada 18-55 lens eka pawichchi karala apita monawage 4to ekak ganna puluwanda kiyala

dinesh said...

Godak wadagat deyak... thanks

Unknown said...

@dinesh
ස්තුතියි දිනේශ්.

Unknown said...

@dineshහැකිතරම් දන්න අය සමඟ share කරගන්න. ස්තුතියි.

Unknown said...

@dineshහැකිතරම් දන්න අය සමඟ share කරගන්න. ස්තුතියි.