Sunday, March 20, 2011

Digital Photography සිංහලෙන් ඉගෙන ගනිමු. Introduction

Digital Photography in Sinhala-introduction

ඩිජිටල් ඡායරුපකරණය පිලිබඳ ඔබත් සමඟ දැනුම බෙදා හදා ගන්න කියල මම තීරණය කලා. මෙහිදී ඔබෙන් ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු සරල සිංහලෙන් දෙන්න මම වඩාත් කැමතියි. එනිසා ඔබට යම් ප්‍රශ්නයක් ඇතොත් ඩිජිටල් ඡායරුපකරණය පිලිබඳ, මට email මාර්ගයෙන් එව්වොත්, එයට පිළිතුරු දෙන්න මම සුදානම්. මෙම කොටස හඳුන්වාදීමක් පමණයි. මීළඟ කොටසින් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වන්න.

   ඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

12 comments:

ItalyDilan said...

බොහොම ස්තූති මෙහෙම දෙයක් පටන් ගත්තට,මට මේ ගැන කිසිම දැනුමක් නෑ,,පොඩි ආසාවක් තියනවා කැමරා ගැන.

සිරිබිය.. said...

වටිනා කියන බ්ලොග් එකක් වේවි කියල බලපොරොත්තු වෙනව....
දිගටම කර්ගෙන යයි කියල බපොරොත්තු තියගන්නව අපි.....
සුභ පතනව.........

සුමින්ද said...

ඇති යාන්තං.... වැඩේ පටන් අරන්.. :D
තමන්ගෙ වටිනා කාලය වැය කරගෙන, දැනුම බෙදාහදාගන්න මේ ගන්නා උත්සාහයට මුලින්ම ස්තුති කරල ඉන්න ඕන..!
පාඩම් මාලාවේ ආරම්භය ඉතා හොඳයි. හැමදෙයක්ම මුල ඉඳන්ම සරළව පැහැදිලි කරන එක ගොඩක් වටිනවා, අපි වගේ මොකුත්ම නොදන්න අයට. ඉදිරියටත් මේ වැඩේ හොඳට, ලස්සනට කරගෙන යන්න කාලවේලාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඉත සිතින්ම!

පළමු පාඩමෙන් මට ප්‍රශ්න කිහිපයක් ඇතිවුනා.

1. lens එක නිවැරදිව පිරිසිදු කරන්නේ කොහොමද? (සාමාන්‍ය විදියට tissue එකට දියරය දාලා පිසදැම්ම ම හරිද?)

2. Grey card කියන එක ගැන මම මීට කලින් අහල තිබුනෙ නෑ. white balance කියන option එක කැමරාවෙ තිබුනට, ඒක මොකක්ද කියලත් දන්නෙ නෑ. මේ දෙකම ගැන විස්තරයක් කරන්න. (මේ ගැන අනාගත පාඩමකදි පැහැදිලි කරන්න හිතාගෙන ඉන්නවනම්, දැන් ම පිළිතුරු අවශ්‍ය නෑ)

3. ඔබ කිවූ කැමරාවට අමතරව පාවිච්චි කරන උපකරණ වල ඒ කිව්වෙ, lens clener එක, remote control එක, tissue, grey card වගේ ඒවයෙ මිල ගණන් දළ ව‍ශයෙන් හෝ සඳහන් කරන්න පුළුවන් නම් ඉතා හොඳයි.

අද පාඩමට අදාල ප්‍රශ්න ඔච්චරයි.
නැවත වරක් ස්තුතියි!
(වීඩියෝ එකේ audio ටිකක් මදි ව‍ගේ. ඒ ගැන පොඩ්ඩක් බලන්න)

Unknown said...

@ItalyDilan
මට හැකි අයුරින් උදව් කරන්නම්. ස්තුතියි කොමෙන්ට් එකට.

Unknown said...

@සිරිබිය..
ස්තුතියි

Unknown said...

@සුමින්ද
ප්‍රමාදය ගැන සමාවන්න. කාලය තමයි ඔක්කොටම හරස් උනේ. එත් හැකි උපරිමයෙන් episodes හදන්නම්. ඔයාගේ ප්‍රශ්න 3ටම පිළිතුරු 3 හෝ 4 episode එකෙන් බලාපොරොත්තු වන්න. අනිවාර්යයෙන් මම දානවා. ස්තුතියි කොමෙන්ට් එකටත්.

Unknown said...

වීඩියෝ වල audio ප්‍රශ්නය මීළඟ episode එකේ සිට නිවැරදි කරන්නම්. මගේ PC එකේ එහෙම දෙයක් මට නොදැනුන නිසයි post කලේ. අපහසුතාවය ගැන සමාවන්න.

නදී said...

මම් නම් මේ ගෑන කිසිම දෙයක් දන්නෙ නෑ,ආසයි ඉගන ගන්න.දිගටම ලියන්න.(වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරානම් හොදයි.කමෙන්ට් කරන්න ලේසිවෙයි)

Anonymous said...

නියමයි නියමයි.හැබැයි නවත්තන්නනම් එපා හොදේ :P

Tharindu said...

mail එකක් දැම්මා.අනිවා බලන්න......

දිලාන් said...

අද තමයි බ්ලොග් එක දැක්කේ. අපි වගේ නවකයිට හොද අත්වැලක්. දිගටම කරගෙන් යන්න. සුභ පැතුම්

Unknown said...

පුලුවන්නම් දාන්න හොද ලෙන්ස් එකක් තෝර ගන්නේ කොහොමද කියලා